covid19-government
රාජ්‍ය සේවකයින් යළි රාජකාරි වලට කැඳවිම හා රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙයි.


ඒ අනුව නිකුත් වූ  චක්‍රලේඛයට අදාළව සියලු ම රාජ්‍ය ආයතනවල නිලධරයන් එක් නිලධරයකු අවම වශයෙන් සතියකට දින 03ක් සේවයට වාර්තා කළ යුතු වන ආකාරයට කණ්ඩායම් සකසා එම කණ්ඩායම් ආයතනයේ සේවය අඛණ්ඩව සැපයීමට හැකි ආකාරයට සේවයට වාර්තා කළ යුතු වේ.


තවද එහි නිල ප්‍රවාහන පහසුකම් හෝ සංචිත වාහන මඟින් ප්‍රවාහන පහසුකම් ලබා දෙනු ලබන මාණ්ඩලික නිලධරයන් සඳහා ඉහත සේවා මුර ක්‍රමය අදාළ නොවන අතර ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි ඔවුන් සේවයට වාර්තා කළ යුතු බව ද සඳහන් වේ.
එහි දී ගර්භණී නිලධාරිනියන් සහ වයස අවරුදු 01ට අඩු ළදරුවන් සිටින මව්වරුන් සේවයට නොකැඳවීමට උපදෙස් ලබාදී තිබේ.
රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් වූ සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,