hemantha-herath-speaks

ඔක්සිජන් මත යැපෙන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම බැරෑරුම් තත්වයක් ලෙස අනිවාර්යයෙන් සලකන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජප අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේය. 


හෙතෙම පෙන්වා දුන්නේ, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සීමාව ඉක්මවා ගියහොත් අර්බුදකාරි තත්වයකට ශ්‍රී ලංකාව පත්වන බවයි. ඒ අනුව රට විවෘත කිරීම තුළ සියලු දේ සඳහා නිදහස ලැබෙන්නේ යැයි යන අදහසින් ජනතාව ක්‍රියා කළහොත් කෝවිඩ් තත්වය කළමනාකරණය කර ගැනීමට අපහසු වන බවද නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවධාරණය කළේය. කෝවිඩ් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔක්සිජන් මත යැපෙන කෝවිඩ් රෝගීන්ගේ ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් සිදුකරන ලද විමසීමකදී හෙතෙම මේ බව පවසා සිටියේය.ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, 

"එය අනිවාර්යයෙන්ම බැරෑරුම් තත්වයක් ලෙස අපි සලකනවා. මොකද සීමාව ඉක්මවා ගියොත් අර්බුදකාර් තත්වයකට ලංකාව විතරක් නොවෙයි ඕනෑම රටකට මුහුණ දෙන්න වෙනවා. රට විවෘත කරනවා කියන්නේ , සියලුම දේට නිදහස ලැබෙනවා කියන අදහස ඇති කර ගත්තොත් නම්, අපට මේක කළමනාකරණය කර ගන්න අපහසු වෙන්න ඉඩ තිබෙනවා” යැයිද පවසා සිටියේය.

(නිදර්ශනී වික්‍රමසිංහ)