සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,
ඇයට ඉංග්‍රීසියෙන් යමක් බලාගෙන ලියන්නට හැකි වුවත් කිසිවක් ගළපා ලිවීමේ හැකියාවක් නොතිබූ බව ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්රසාද් පවසයි.
ඔහු මෙසේ පවසන්නට හේතුවූයේ ඇය අවසන් වරට රැඳී සිටි කාමරයේ බිත්තියක සටහන්වූ අකුරු කිහිපයකින් ඇගේ මරණය ගැන රස පරික්ෂක වාර්තාවක් කැඳවා ඇති පසුබිමකය. එහි මියගිය නැගනිය මරණයට හේතු ලෙස සටහනක් තබා ඇති බව කියා ඇති මුත් පොලිසිය සඳහාන් කරේ එම සටහන ඇය මියගියාට පසු වෙනත් අයකු තැබූ එකක්ද යන්න තවම පැහැදිලි නැති බවයි.
තමන් දන්නා තරමින් තම නංගීට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව තිරුප්රසාද් කියා සිටියේය.
0 Comments