![rishard-badhurdeen-house-girl-death rishard-badhurdeen-house-girl-death](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuSsfy06fW23Fzk01jER8hbwkpYbIqMTsJGYx3AqhuR4fcnBamwdBpUhfmhxYj_e1zXyk-bOWs5kvaSW0E0WX_ew0oOR0HohNdtqiYbr1KZL4Ogqgc0VhVZM-XQoYSg3z6MY0hS1ryPgWa/s16000-rw/gossiplanka3951036.jpg)
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සිරුරට ගිනි ඇවිළී මියගිය 16 හැවිරිදි ඉෂාලිනී දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ ඉංග්‍රීසි බසින් දෙමළ වචන කියැවෙන ආකාරයට බිත්තියේ ලියා ඇති බව කියන “මගේ මරණයට හේතුව“(එන් සාවුක්කු කාරණම් -En Savuku Karanam) යන වැකිය ඊයේ (02) බදියුදීන්ගේ නිවෙසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
විසින් දැඩි පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වෙයි.
මෙම සටහන ඇය ලියූ එකක්ද නැතිනම් වෙන කෙනෙකු ලියූවක්ද යන්න ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දෙමළ අර්ථයක් දෙන ඉංග්‍රීසි අකුරු වලින් මෙම සටහන තබා තිබූ අතර පෑනකින් ලියා තිබුණු බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද, එසේත් නැත්නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදු කළ ක්‍රියාවක්ද යන්න තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
රස පරීක්ෂකවරයා සහ ඇඟිලි සටහන් විශේෂඥයන් ඊයේ (02) මෙම නිවස පරික්ෂා කර නිවසේ තිබූ දැරියගේ පොත් පත් රැසක්ද සිය භාරයට ගෙන තිබේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතා කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ පාවිච්චි කළ නිල නිවසේ කාමර දෙකකටද පොලිසිය විසින් මුද්‍රා තබා තිබේ.
ඩයගම ප්‍රදේශයේ පදිංචි තරුණියක අතවරයට ලක්වූ බවට සැකකරන කාමරය සහ තවත් සාක්ෂි ඇති බවට සැලකෙන කාමරයකට මෙලෙස මුද්‍රා තබා ඇත.
මෙම නිවස කොළඹ 07 මැකන්සි පාරේ පිහිටා ඇති අතර ඊට පොලිස් ආරක්ෂාව සපයා තිබෙයි.
0 Comments