කොළඹ නගරයෙන් හඳුනා ගැනෙන නව කොරෝනා ආසාදිතයින් ගෙන් 90%ක්ම ඩෙල්ටා ආසාදිතයින් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක ජීව විද්‍යා අංශයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර ඊයේ පැවසුවේය.
2019 දෙසැම්බරයේදී චීනයේ වුහාන් නගරයෙන් සොයා ගත් මුල් කොරෝනා වෛරසයට වඩා සියයට සියයක සම්ප්‍රේෂණය හැකියාවක් ඇති නව ඩෙල්ටා ප්‍රභේදය මුහුණු ආවරණ පැළඳ නොමැති කෙනෙකුට ආසාදනය වීමට තත්පර පහක් ප්‍රමාණවත් බවත්,
පැය කිහිපයක් ඇතුළත ආසාදිත පුද්ගලයාට එය තම මුළු පවුලට ලබා දිය හැකි බවත් වෛද්‍ය ජිවන්දර පෙන්වා දෙනවා.
වෛද්‍ය ජීවන්දර අවධාරණය කරන්නේ තවමත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් හමු වන්නේ එතරම් භයානක නොවන සහ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඇල්ෆා ආසාදිතයින් බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 100කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ඇති මෙම මාරාන්තික වෛරසය පාලනය කිරීම සඳහා වහ වහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී ඉතාම ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ අවදානමක් ඇති බව ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර පවසයි.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුන කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල තවත් පැතිරී ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයක් අද (18) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
0 Comments