johnston-speaks

අද වනවිට රටේ බොහෝ නගර වසාදැමීමට කඩසාප්පු සංගම් මගින් තීරණය කර තිබෙන පසුබිමක ඒ සම්බන්ධ අදහස් දක්වා ඇති ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊට එරෙහිව කතා කරයි. ඔහු පවසන්නේ සියල්ල යටින් දේශපාලනයක් දිවෙන බවත් රට අක්‍රීය කර වාසි ගැනීම ඔවුනගේ අරමුණ බවත්ය.




ඇමතිවරයාගෙන් ඇසූ ප්‍රශ්න හා ඊට ලැබුණ පිළිතුරු පහතින්

රට වැහුවෙ නැතත් කඩවල් වහල නේද?

කඩවල් වහන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න තිබ්බේ උද්ඝෝෂණ කරන කොට ඒවා නතර කරන්න මිනිස්සුන්ට සහයෝගය නොදී කටයුතු කරන්නනෙ තිබුනෙ. එතකොට ඒ ගොල්ලො මොනවද කරේ ආණ්ඩුවට විරුද්ධ උද්ඝෝෂණයක් කියලා ඒ ගොල්ලො බොහොම සහයෝගයෙන් කටයුතු කළේ. ඔය කඩ කාරයන්ට තිබුනෙ එදා වහන්න. වහල කියන්න මේ වගේ දේවල් කරන්න එපා කියල. එහෙම ඔවුන් කෙරුවෙ නැහැ. මේ හැම එකක් යටම තියෙන්නෙ දේශපාලනය. ඒක යට තියෙන්නෙ. මේ හදන්නෙ මේ රට අක්‍රීය කරන්න. ඒක තමා ඇත්ත තත්වය...

දවසෙම ඇඳිරි නීතිය දාන්න බැරිද?

ඇඳිරි නීතිය දාන්න අවශ්‍ය නෑනෙ රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරනවනං. එහෙනං සෞඛ්‍ය අංශ වලට විතරක් ඇඳිරි නීතිය දාන්න ඕනනෙ ලෙඩේ බෝවෙනවනං
මේව යට තියෙන්නෙ දේශපාලනය. වෙන මොකවත් නෙමේ දේශපාලනය...
හඩ පටය පහතින්