
කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට කොරෝනා ආසාදනයවීම නිසා රෝහලම අකර්මන්‍ය තත්වයට පත්ව ඇතැයි වාර්තාවේ.
වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවක සේවිකාවන් 93 දෙනෙක් මේ වනවිට කොවිඩ් ආසාදිතව ඇති බව එම රෝහල් ආරංචි මාර්ග දන්වා ඇත.
මේ සියලුම දෙනා ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලංකාවට ආ මුල් වතාවේදීම නිසි කලට මාත්‍රා දෙකම සම්පූර්ණ කර තිබූ අය වීමද විශේෂිතය.
කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්ද මේ වනවිට ප්‍රකාශ කර තිබේ. රෝහලේ රෝගීන්ට සිටීමට හැකි ධාරිතාව ඉක්ම යෑම නිසා දැඩි රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ඔවුනගේ කැමැත්ත මත නිවෙස්වලට යවා අසාධ්‍යම අය පමණක් රෝහල තුළ රඳවා තබාගෙන ඇති අතර කාර්යමණ්ඩලයේ කොරෝනා ආසාදනය නිසා පහසුකම් සැපයීමේදී ගැටලු මතුව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval