කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට
නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේදි ඊයේ (02) පස්වරුවේ පැවැත්විය.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ පිළිබඳවමන්ත්රීවරුන් සමග දීර්ඝව සාකච්ඡා කර තිබේ.
මෙහිදී පනත සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් නිර්මාණය වී තිබේ. එක් පිරිසක් පවසා ඇත්තේ පනත ඉදිරිපත් කළ යුතු බවයි. තවත් පිරිසක් එම මතයට විරුද්ධ වී තිබේ.
යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට එහිදී තීරණය කර තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත දන්වා සිටි කරුණු අනුව මෙම වෙනස එලිදරව් විය.
0 Comments