දැනට කොළඹ නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් පුද්ගලික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ඇමති මංගල සමරවීර මහතා මියගිය බවට වැරදි පුවතක් ෆේස් බුක් හා වට්ස් ඇප් සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වීම නිසා අද දහවල් ආන්දෝලනයක් ඇති විය.
එය ඔහුට එදිරි දේශපාලන බලවේගයන්ගේ නිර්මිතයක් වියහැකි බවත් ඔහු තවමත් සුවය ලබමින් සිටින බවත් මීට පිළිතුරු දෙමින් ඔහුගේ පවුලට සමීප ආරංචි මාධ්‍ය වෙත දන්වා සිටින ලදි.
ඒ මහතාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාද පවසා ඇත්තේ ඔහුගේ රෝගී තත්ත්වය
ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවයි.
ඔහු මියගිය බවට හා එම පුවත වැරදි බවට සමාජ ජාලා වල හුවමාරුවූ පෝස්ටු කිහිපයක් පහතින්
0 Comments