mangala-samaraweera-speaks

දේශපාලනයෙන් ඈත්වී සිටින හිටපු මුදල් ඇමති මංගල සමරවීර ඉරිදා අරුණ පුවත්පත සමග පැවැත්වූ සම්මුඛසාකච්චාවකදී සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දක්වා තිබෙන අදහස් කිහිපයක් පහතින්



‘මහරජ මංගලට’ රඟපාන්න හිතුණේ ඇයි?

ඒ ‘ටික් ටොක්’ වැඩක්. ‘වස්ති’ නිෂ්පාදනයක්. එය තරුණ කණ්ඩායමක වැඩක්. ඔවුන් මට රඟපාන්න ආරාධනා කළා. මම භාරගත්තා. ඒ ගැන ගැඹුරින් හිතන්න එපා. එය ජොලියට කරපු වැඩක්.



‘‘ෆෙක් නිව්ස්’ අද වසංගතයක් වබට පත්වෙලා. පත්තරවලටත් වඩා සමාජ මාධ්‍යයේ වැඩියි. නමුත් ඒවා නතර කළ යුතු නැහැ. තොරතුරු දැන ගැනීමට වැදගත්. වත්මන් ලෝකයේ කිසිවක් තහනම් කරන්න බැහැ. හැම කෙනාටම මොළයක් තිබිය යුතුයි. එය මාධ්‍ය තහනම් කිරීමට හේතුවක් කරගත යුතු නැහැ.

මම මුදල් ඇමැති කාලෙත් බෝඩ් උස්සගෙන විරෝධතා තිබුණා. මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට. මම පොලිසියට කීවෙත් නැහැ. ඔවුන් විරෝධතා කර ගෙන ගියා. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිදහස ඔවුන්ට තිබිය යුතුයි. මර්දනය කරලා වැඩක් නැහැ. වැඩ වර්ජන කරන අය සමග මම නම් කතා කරන්නෙම නැහැ. වැඩ වර්ජන නතර කරලා සාකච්ඡා කිරීම මගේ ප්‍රතිපත්තියයි.

බයියෝ, ටොයියෝ, ජෙප්පො කියලා වෙන් වූ කාලය ඉවරයි. රාජපක්ෂයන්ට අකමැති වුණත් කැමැති වුණත් මේ රටේ පුරවැසියන්. මුළු රටම ‘යූ ටර්න්’ කළ යුතුයි. නමුත් මේ සියලුදෙනා එකට එකතු කිරීම අමාරු දෙයක්. අඩුම ගානේ මෙවැනි මතවාදයකට තියෙන ඉඩකඩ තරුණ තරුණියන්ට හඳුන්වා දීම යුතුකමක්. මමත් මේ කඩා වැටීමට වගකිව යුතුයි. මෙම විනාශයට කාටවත් ඇඟිල්ල දිගුකරන්න බැහැ. 1956 පස්සෙත් රට පාලනය කළ සෑම දේශපාලන නායකයෙක්ම වග කිව යුතුයි.

සාකච්ඡාව - උදයජීව ඒකනායක