manjula-wijesuriya-death

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ උසස් පෙළ සිසු දරු දැරියන්ට තර්ක ශාස්ත්‍රය වීෂය ඉගැන්වූ නිට්ටඹුව කන්දහේනවත්ත පදිංචිව සිටි උපකාරක පංති ගුරුවරයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇත. 

මෙසේ මියගොස් ඇත්තේ මංජුල විජේසූරිය නමැති 51 හැවිරිදි තිදරු පියෙකි. ඒ මහතා ඉකුත් 31 වැනිදා හදිසියේ රෝගී වී වතුපිටිවල මූලික රෝහලට රැගෙන ගිය අවස්ථාවේ කරන ලද  රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එහි කොරෝනා වාට්ටුවට ඇතුළත් කොට සිටියදී පසුදින (01) පස්වරුවේ මියගිය බව ද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් කීය.
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  පිරිසකගේ අධීක්ෂණය යටතේ ඊයේ (02) ඒ මහතාගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී සිදු කිරිමට නියමිතව තිබිණ.

  -ආනන්ද ඉ. ජයකොඩි-