දින 7ක් පුරා අතුරුදන්ව සිටි රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති 14 හැවිරිදි පාසල් සිසුවා අද (01) දින පොලිසිය මගින් කුරුණෑගලදී සොයාගෙන තිබේ.
දරුවා නිවෙසින් බැහැරව ශ්‍රීපාද ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වී තිබේ
මෙම දරුවාගේ පියා පොලිස් සැරයන්වරයකු වන අතර නිවෙසින් බැහැරව යන විට රුපියල් 20,000ක මුදලක් රැගෙන ගොස් ඇති බවද වාර්තාවී තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, අද (01) සවස් කාලයේ දී කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී එම දරුවා පොලිස් භාරයට ගෙන ඇති බවය. දරුවා සිරිපා වන්දනා කිරීමට යමින් සිටි බව කියූ ඔහු ගමන් මල්ලක් ද සහිතව පොලිස් භාරයට ගත් බව වාර්තාවේ.
මේ වන විට දරුවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රත්නපුර පොලීසිය වෙත රැගෙන විත් සිටී.ෙ
නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව පවසමින් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණි.
නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණි.
රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවා ශ්‍රී පාදයට ගොස් මුරකරුවෙකු සමග සිදුකල සංවාදයකදී තමන් මහරගම ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බවට කියා ඇති අතර එම කරුණු පදනම් කර ගනිමින් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන ලද අතර පසුගිය දිනක නල්ලතන්නි ප්‍රදේශයෙන් ශ්‍රී පාදය දෙසට ගමන් කරමින් සිටිබවටද සාක්ෂි ලැබිණි.
ඔහු නිවසින් බැහැරව යනවිට ගෙන ගිය රුපියල් 20,000 ක මුදලින් කෑම බීම ගන්නට ඇති බව විශ්වාස කරන අතර ඔහු නවාතැන්ගත්තේ කොහිද යනාදී කරුණු තවම විමර්ශනය කර අවසන් නැත.
මේ ආකාර ගමනක් වයස 14 සිසුවෙකු යන්නට හේතුව තවම පැහැදිලි නැත.
0 Comments