මේ දිනවල ආන්දෝලනයට ලක්වෙමින් පවතින ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් ගණන සම්බන්ධයෙන් හිතාමතා සිදුකරන ක්‍රියාවලියක් පවතින බවට ආණ්ඩුවේ හවුල්කාර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසන්නේ
දත්ත වෙනස් කිරීම සිදු කිරීමට හමුදාවේ ඉහළ නිලධාරියෙක් හා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සිටින බවයි. යුද හමුදාපතිට අවශ්‍ය නම් මෙම පුද්ගලයන් සොයාගත හැකි බවත් පැවසීය.
මුසම්මිල් පවසන්නේ 11 වැනිදා මෙරටින් ආසාදිතයන් 5415ක් වාර්තා වී ඇති බවත් 05 වැනිදා සිට මේ දක්වා දිනකට ආසාදියන් 5000 ඉක්මවා ආසාදිතයන් වාර්තා වී ඇති බවත් ඒ ගැන තමාට සාක්ෂි ඇති බවයි.
ඔහුගේ අදහස් දැක්වීම විඩියෝව පහතින්
0 Comments