namal-iraj

ප්‍රකට යූටියුබ් ශිල්පී ඉරාජ් වීරරත්න වෙත නව රජය බලයට පත්වූ අලුත ලැබුණ  රැකියාව ඔහු අතහැරි බවට නිවේදනයක් නිකුත් කර තිබේ.




ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් තමා ඉ්ලලා අස්වන බවත්
කලින් යොදාගත් අත්‍යවශ්‍ය පෞද්ගලික කාරණා කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම තීරණය ගත් බවත්ය.
ඔහු පසුගිය දිනවල සිය ෆේස් බුක් ගිණුම අක්‍රීය කරගෙන සිටි බවටද සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති නිර්මාණය විය.