bandula-speaks

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද දි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ යම් යම් පුද්ගලයින් රට අගුලු දැමීමක් අවශ්‍ය බවට අදහස් කරන නමුත් රජය ඊට මේ මොහොතේ කැමති නැති බවයි.


ඔහු කියා සිටියේ අගුලු දැමීම ආරම්භ කළහොත් එය තේ, රබර් සහ පොල් වැනි අපනයන බෝග නිෂ්පාදනය සඳහා දැඩි ලෙස බලපානු ඇති බවත් එය ඇඟලුම් කර්මාන්තයට ද දැඩි පහරක් එල්ල විය හැකි බවයි.
ඒ මගින් ලංකාවේ දෛනික විනිමය ඉපැයීම නැතිවී යාම නිසා රට පවත්වා යාමක් කරගන්නට බැරිව යන බවයි.

ලංකාවේ මුදල් සංචිත නැති නිසා මෙම තත්වය ඇතිවී ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනපති යුගයේ රුපියල් බිලියන 8 ක විදේශ සංචිත තිබුණත් ඉන්පසු රජයේ වැරදි නිසා දැන් සංචිත හිඳී ඇති බවත් ඒ නිසා ලංකාව අගුලු දැමීම ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල් අගුලු දැමීම  හා සසඳා තීරණය කළ නොහැකි බවයි.
 මේ වන විට රට සතුව විදේශ සංචිත ශුන්‍ය බවද ඔහු කීය.

අගුලු දැමුවොත් COVID19 රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගිලන්රථ වලට ඉන්ධන නොමැතිවී යනු ඇති බවත්, මේ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජයට ඉන්ධන ආනයනය කිරීමට සංචිතයක් නොමැති බවත් ඔහු පැවසීය. 

සම්බන්ධිත ලිපිය
රට වහන්න ජනපති කැමති වුනේ නැහැ - රාජ්‍ය ඇමති චන්න ජයසුමන

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ හඩ පටය පහතින්