
නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15හි මෙන්ම විශේෂ අංශ තුනක 195දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිත වී ඇතැයි පොලිස් වාර්තා සඳහන් කරයි. වැඩිම ආසාදිත පිරිස වන 34දෙනෙකු බුද්ධි හා ආවේක්ෂණ කොට්ඨාසයන්ගෙන් වාර්තා වෙයි. නුගේගොඩ කොට්ඨාස ළමා කාන්තා කාර්යාංශයේ මෙන්ම නුගේගොඩ කොටිඨාස අපරාධ අංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුද ආසාදිතයන් අතර වන බව එම වාර්තතාවේ සඳහන් වෙයි.
අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට, නුගේන්ගොඩ කොටිඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ මෙන්ම පාදුක්ක පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කරන කාන්තා ප්‍රධාන පොලිස් පරික්මකවරියකුට මෙන්ම කාන්තා උපපොලිස් පරීක්ෂකවරියකටදවෛරසය ආසාදිත වී ඇති බව එම වාර්තා සඳහන් කරයි.හෝමාගම, අතුරුගිරිය, තලංගම, ගොතටුව, මහරගම, කොට්ටාව, මීගොඩ, මුල්ලේරියාව, වැලිකඩ, නවගමුව, මිරිහාන, කඩුවෙල, හංවැල්ල, පාදුක්ක හා බොරලැස්ගමුව පොලීසිවල නිලධාරින් සහ නිලධාරිනියන් එම ආසාදිත පිරිසට අයත් වන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටියි.
(බණ්ඩාරගම - බිමල් ශ්‍යමන් ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval