The 15th student who befriended the garage bass escaped from the phone given to her to study online

කොරෝනා වසංගත සමයේ මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා මාමා විසින් ගෙනැවිත් දුන් ස්මාට් වර්ගයේ ජංගම දුරකතනය මගින් මුහුණුපොත හරහා හඳුනාගත් පෙම්වතා සමග පැනගිය 15 හැවිරිදි බාලවයස්කාර දැරියක හා සැකකාර පෙම්වතා 10 වැනිදා අත්අඩංගුවට ගත්බැව් හිනිඳුම පොලිසිය පවසයි. 



අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක හා 22 හැවිරිදි වියේ පසුවන සැකකාර පෙම්වතාය.
මොහු ගරාජයක වැඩකරන්නකු බවට හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
බාල වයස්කාර දැරිය ආච්චි අම්මා හා සීයා ළඟ හැදීවැඩී ඇත. ආච්චිඅම්මා හා සීයා මෙම දැරියට කිසිදු අඩුපාඩුවක් නොකොට හොඳින් සලකා ඇති අතර, මෙකී දැරියට මාර්ගගත අධ්‍යාපන කටයුතු සඳහා ඇයගේ මාමා මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ගෙනැවිත් දී ඇතැයි පොලිසිය කියයි. ඇය මාසයක පමණ කාලයක් මෙකී ජංගම දුරකතනයෙන් මාර්ගගත අධ්‍යාපන කටයුතුවල නිරතව සිට ඇති බවත් ඒ අතර මුහුණුපොත හරහා සැකකාර පෙම්වතා හඳුනාගෙන ප්‍රේම  සම්බන්ධතාවක්ද ගොඩනගා ගෙන ඇති බව පොලිසිය පවසයි.

පසුව මෙම දැරිය ඉකුත් 24 වැනිදා සැකකාර පෙම්වතා සමග නිවසින් පැනගොස් තිබේ. මොවුන් දෙදෙනා මිතුරකුගේ නිවසේ හා කඩවත ප්‍රදේශයේ නිවසක ගතකොට ඇති බව පොලිසිය කියයි.

නීත්‍යනුකූල භාරකාරත්වයෙන් බාලවයස්කාර දැරියක් අපහරණය කොට ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් ම සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. බාලවයස්කාර දැරිය උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කොට අධිකරණය මාර්ගයෙන් මවට බාරදුන් බව පොලිසිය පවසයි. කුඩා කාලයේදීම මව් සෙනෙහස අහිමිව ඇති නිසා තමන්ට ආදරය කළ තරුණයකු සමග ගිය බව ඇය පොලිසියට පවසා ඇත.

(යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද)