එළඹෙන අගෝස්තු 24 වැනිදා ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වන 2020 පැරාඔලිම්පික් ක්රීඩා උළෙලට සහභාගී වන ශ්රී ලංකාකණ්ඩායමට ක්රීඩක ක්රීඩිකාවන් 9දෙනෙකු ඇතුළත් වී ඇත. එහි නායකත්වය පැරාලිම්පික් පදක්කම්ලාභී දිනේෂ් ප්රියන්තට හිමි වී ඇත. එළඹෙන සැප්තැම්බර් 5වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියට ශ්රී ලංකාවෙන් ක්රීඩකයන් 8ක් හා එක් ක්රීඩිකාවක් ඇතුළත් වී ඇත. මෙහිදී නායක දිනේෂ් ප්රියන්ත හෙල්ල විසිකිරීම (එෆ් 46) ඉසව්වෙන් තරග වැදීමට නියමිතය. ශ්රී ලංකා යුද හමුදා ක්රීඩා සමාජයේ ක්රීඩකයෙකු වූ දිනේෂ් 2016 රියෝ ඔලිම්පික් ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, 2017 වර්ෂයේ ලන්ඩන්හිදී පැවති ලෝක පැරා මලල ක්රීඩා තරගාවලියේදීද සිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.
ඊට අමතරව ඔහු 2018 වර්ෂයේ ජකර්තාහිදී පැවති ආසියානු පැරා ක්රීඩා උළෙලේදී රන් පදක්කමක්ද, 2019 වර්ෂයේ ඩුබායි හිදී පැවති ලෝක පැරා මලල ක්රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කමක්ද දිනා ඇත. මීට අමතරව එෆ්-44 හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කරමින් ශ්රී ලංකා හමුදා පොලිස් සේවයේ සමිත දුලාන් තරග වැදීමට නියමිතය. ඔහු 2019 වර්ෂයේ ඩුබායිහිදී පැවති ලෝක පැරා ශුරතාවලියේදී සිය ඉසවේ සිවුවැනි ස්ථානය දිනාගෙන ඇත.
ශ්රී ලංකා යුද හමුදාවේ විජයබා ක්රීඩා සමාජයේ ක්රීඩක සම්පත් හෙට්ටිආරච්චි මෙවර තරගාවලියේදී එෆ්-64 හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය. ඔහු 2018 වර්ෂයේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා තරගාවලියේදී පදක්කම දිනා ඇත. | මේ අතර එම තරගාවලියේදී එෆ් 42-යගුලිය දැමීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ශ්රී ලංකා යුද හමුදා ජාතික ආරක්ෂක ක්රීඩා සමාජයේ පාලිත බණ්ඩාරද මෙවර කණ්ඩායමට ඇතුළත් වී ඇත.මෙම වර්ෂයේදී පැවති ෆාසා මලල ක්රීඩා තරගාවලියේදී ටී-47 මීටර් 400 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනාගත් ශ්රී ලංකා නාවික හමුදාවේ මධුරංග සුභසිංහ මී. 400 ධාවන ඉසවෙන් කණ්ඩායම් නියෝජනය කරයි. 2018 වර්ෂයේ ආසියානු පැරා ක්රීඩා උළෙලේ දුර පැනීමේ ලෝකඩ පදක්කම්ලාභී කුමුදු ප්රියංකා මෙම සංචිතය නියෝජනය කරන එකම ක්රීඩිකාව වේ.
එම්.ඒ.එම්. ක්රීඩා සමාජය ඇය විසින් නියෝජනය කරනු ලබයි. මේ අතර මෙවර තරගාවලියේදී පැරා ඔරු පැදීමේ තරග අංශය නියෝජනය කරමින්ද ක්රීඩකයෙකු සහභාගී වීම විශේෂත්වයකි. මේ වසරේ පැවති ආසියානු කලාපීය ඔරු පැදීමේ තරගාවලියේ රන් පදක්කම්ලාභී මහේෂ් ජයකොඩි මෙවර කණ්ඩායම නියෝජනය කරන අතර, ඔහු ශ්රී ලංකා යුද හමුදා විශේෂ බළකා ක්රීඩා සමාජයේ ක්රීඩකයෙකි.මේ අතර 2019 වර්ෂයේ ආසියානු පැරා දුනු විදීමේ තරගාවලියේ රන් පදක්කම්ලාභී, ශ්රී ලංකා පාබල හමුදා ක්රීඩා සමාජය නියෝජනය කරන සම්පත් බණඩාර මෙවර දුනු විදීමේ අංශය නියෝජනය කරයි. මීට අමතරව ශ්රී ලංකා ගැමුණු සේවා ක්රීඩා සමාජයේ රංජන් ධර්මසේන රෝද පුටු ටෙනිස් ඒකල අංශයෙන් නියෝජනයට සුදුසුකම් ලබා ඇත. මෙම කණ්ඩායමේ ප්රධාන අනුග්රාහකයා ලෙසින් ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගම ක්රියා කරයි.
(ඔෂිත වරකපිටිය)
0 Comments