pavithra-mahinda

ඊයේ සිදුවූ කැබිනට් සංශෝධනයෙන් පවිත්‍රා වන්නිආරච්චිට එම තනතුර වෙනුවට ප්‍රවාහන ඇමතිනිය බවට වෙනස් කරන ලද අතර සෞඛ්‍ය ඇමතිධූර කෙහෙලිය රඹුක්වැල්ල වෙත ලබාදෙන ලදි.
මෙම වෙනස රටේ ‘බ්‍රේකින් නිවුස්‘ එකක් වූයේ ඊයේ දහවල්ය.


මෙම ඇමති දිවුරුම් දීම ජනපති ලේකම් කාර්යාලයේ සිදුවූයේ ඔන්ලයින් ක්‍රමයට බවද වාර්තා විය.
එසේ සිද්ධවී තිබියදී ඊයේ සවස අගමැති මහින්ද රාජපක්ෂ පවිත්‍රා වන්නිආරච්චිට දුරකථන ඇමතුමක් ලබාදී ඇති අතර ඇය සිතා ඇත්තේ අලුත් ඇමති ධූරයට සුබ පතන්නට හෝ ඊට අදාළ වෙනත්කටයුත්තකට කතා කළා විය හැකිය යන්නය.
නමුත් ඇය පුදුමයට පත්කරමින් අගමැතිවරයා පවිත්‍රාට දන්වා ඇත්තේ කිසියම් රාජකාරියක් කරන ලෙසය. එය සෞඛ්‍ය ක්ෂෙත්‍රයට අදාළ එකක් බැවින් පවිත්‍රා පවසා ඇත්තෙ ඇයි අගමැතිතුමා අලුත් ඇමතිතුමාට ඒ ගැනකියල බැලුවෙ නැද්ද ලෙසිනි. එම අවස්ථාවේ අගමැතිවරයා ඇයි ඔයා නෙමේද දැන් සෞඛ්‍ය ඇමති ලෙස පුදුමයෙන් විමසා තිබෙන බව දේශපාලන ආරංචි වාර්තා කර ඇත. තමා ඒ වනතුරු ඇමති වෙනස ගැන නොදැන සිටියේ යයි අගමැතිවරයා දන්වා ඇත.