ඊයේ (03) පාර්ලිමේන්තුව අසළ සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර මහරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්,එච් ජනකාන්ත මහතා තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කලේය.




එයට හේතුවූයේ උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් පිරිසක් පොලිසියේ මාර්ග බාධකයක් ඔසවා පසෙකට විසි කිරීමට මිනී පෙට්ටියකින් එම බාධක තල්ලු කරමින් ඉදිරියට ඒමේදී එය වැළැක්වීමට අදාළ නිලදාරියා දැරූ උත්සාහයයි.
ඔහුගේ අතේ ඇඟිලිවලට තුවාල සිදුව ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසුව පැය තුනක සැත්කමක් ද සිදුකර තිබෙයි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ ශිෂ්‍යයන් මෙම උද්ඝෝෂණය කළේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත හකුලා ගන්නා ලෙසට බලකරමිනි.
මේ වනවිට පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දෙවන වරටත් කල් දමා ඇත.