president-meeting

ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (13දා) පෙරවරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.



කොවිඩ් 19 වැළැක්වීමේ ජනපති කාර්ය සාධක බළකාය අතර පැවැත්වෙන මෙම සාකච්ඡාවට මැති ඇමතිවරුන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව තිබේ.

ඊයේ සෞඛ්‍ය ඇමතිනිය හා සෞඛ්‍ය නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී රට වැසීමට උවමනාවක් නැති බවටත් 60 ට වැඩි අයට පීසීආර් සිදු කිරීම වේගවත් කරන ලෙසටත් ජනපති උපදෙස් දුන් බව වාර්තාවූ අතර පැමිණි අය රට වැසීමට අවශ්‍ය බවට  කරුණු කී බවක්ද වාර්තා වූයේ නැත.
දිනෙන් දිනම කොරෝනා මරණ ප්‍රමාණය ඉහළයාම නිසා රට දැන් හදිසි තත්වයක පවතී.
කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී සංචරණ සීමා වෙනස් කිරීම හෝ ලොක් ඩවුන් තත්වයක් ගැන නැවත සමාලෝචනයක් සිදු කරනු ඇති බවට අදහස් පළව තිබේ.