ප්‍රියාන් මැණික් ව්‍යාපාරයේ අධිපති තුමා ....කොහොමද මේ ටිකේ ජීවිතේ...?
"හොඳයි මල්ලි සුන්දරව ගත කරගෙන යනවා ...වෙනදා වගේ ම කරදරයක් නැතුව ගත කරගෙන යනවා වැඩිපුරම ඉන්නෙ ගෙදර මොකද මිනිස්සු අතරට යැ වෙන්නේ නැහැ නමුත් උදව් කරන එක නවත්තලා නැහැ..."
✪මොකක්ද මේ මැනික් ගලේ කතාව....?
"මම මේ මඩ ගහන්න වත් ඉරිසියාවට වත් කියන දෙයක් කියලා හිතන්න එපා මම මැණික් පිළිබඳව ගොඩක් දේවල් දන්නවා...මට උපාධියක් තියෙනවා...gem biology digree එකක් තියෙනවා...මම ෆීල්ඩ් එකට ආවේ මැණික් පිළිබඳ ඉගෙන ගෙනම තමයි...හම්බුවෙච්ච මැණික ගෙව්ඩයක් මම දැක්කා කීප දෙනෙක් කියලා තියෙනවා ඒක වටින්නෙ නැහැ කියලා මම ඒකට එකඟ වෙනවා සභාපතිතුමා කියලා තියෙනවා ඒක වටිනවා...එයා කියලා තිබුනා hundred dollars million වටිනවා කියලා...මම හිතන්නේ නැහැ ඒක එතුමට වැඩ දෙන්න පුළුවන් එතන හැබැයි ඒක හරි ගලක් වුණා නං එච්චර නෙමෙයි වටින්නේ ලංකා මුදලින් ගත්තොත් hundred dollars කියන්නේ කෝටි දෙදහක් මේක ඊටත් වඩා වටින ගලක් හරි වටිනාකමක් තියෙන ගලක් වුණා නං..."
✪ වගකීමෙන් කියනවා ද කියනවා ද ඒක ඇත්ත ගලක් නෙමෙයි කියලා ....?
"ඇත්ත ගලක් නමුත් එක වටින ගලක් නෙමෙයි...ගල ඇත්ත උනාට ගලේ කාල සීමාව ඉවරවෙලා නං ගලේ වටිනාකම බොරු ඒ වගේ ගල් මටත් හම්බුනා වැඩක් නැහැ කවුද කෞතුක වස්තූන් වගේ තමයි තියා ගන්න තියෙන්නෙ ....මේ ළඟදිත් මගේ පතලෙන් හම්බුනා ග්‍රෑම් 500 ක විතර ගලක් අවුරුදු මිලියන හාරසිය 500 ක විතර අතීතයක් තියෙන ගල් ගල මැරිල වටින්නේ නැහැ ....අර ගලක් මම videos වලින් දැක්කේ දැක්කේ ඒකත් වටින ගලක් නෙමෙයි..."
✪එහෙම තත්වයක ඇයි මේ වගේ ප්‍රචාරයක් යන්නේ....?
"මම මුලින්ම කියන්න ඕනේ ඔය ගල හොඳ ගලක් වුනා නම් මම මුලින්ම සුබ පතනවා මම දැනටත් ප්‍රාර්ථනා කරනවා මැරිච්ච එකෙන් අයින් වෙලා ඒක හොඳ ගලක් වෙන්න කියලා..."
✪ඔබ මේ දේවල් කියන්නෙ ඉරිසියාවකට ද...?
"අනේ නැහැ ....මට ඉරිසියා කරන්න දෙයක් නැහැ මට එකෙන් ලැබෙන්නේ දේකුත් නෑ නොලැබෙන්න දේකුත් නැහැ.....එයාට විතරක් නෙවෙයි මේ මුළු රටේම මිනිස්සුන්ට ඒක පහල වෙනවා නම් මම කැමතියි එහෙම ඉරිසියා කරන කෙනෙක් නං ලක්ෂ ගානක් වියදම් කරලා මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්නයි දියුණු වෙන්න මග කියා දෙන්නෙ නැහැ නේ එහෙනම් ...මම කැමතියි එහෙම වෙනවා නම් මම කැමැති වුණාට එහෙම වෙන්නේ නැහැනේ .."
✪අපි දැකලා නැහැ නේ ලංකාවෙ මැණික් ව්‍යාපාරිකයෙක් ධනවතුන් අතර ඉහලම තැනක ඉන්නවා කියල?
"මොකද ඒවා මහ බැංකුවේ සංසරණයේ වෙන්නේ නැහැ....මගේ සේප්පුවක තියෙන මුදල් මහ බැංකුව දන්නවද අර දැන් හම්බවෙච්ච ගල වටින ගලක් උනානං ඒක විකුණන්නෙ නැතුව එයා ගෙදර තියා ගත්ත නං මහ බැංකුවෙන් කියනවා ද මෙයා තමයි දැන් ලොකුම ධනවතා කියලා...කියන්න බැහැ සුදුසු කම් නැහැ කියන්න ...නමුත් නිල නොලත් ධනවතා එයා වෙන්න පුළුවන් ...මහ බැංකුවේ සංචරනය වෙන මුදල් එක්ක මහ බැංකුවෙන් වාර්තාවක් දෙනවා මෙයා තමයිඅංක එකේ ධනවතා කියලා ...."
✪ඔය වගේ මැණික් ගලක් හම්බුනොත් රජයට මොනවගේ සම්බන්ධයක්ද තියෙන්නේ...?
"සම්පූර්ණ අයිතිය තියෙනවා...ඒක ඔබට අයිති නම් ඔබට සතපහක්වත් දෙන්නෙ නැතිව ඒ ගැන රජයට ගන්න අයිතිය තියෙනවා...මෙහෙමයි රජයට අයිතිය තියෙන්නෙ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියා පදිංචි නොවී පතළක් කපන්න බැහැ පතල් ලයිසන් එක තියෙන්න ඕනේ...එහෙම ලයිසන් එක අරගෙන පතලක් ඒ පුවතින් ඒකෙන් හම්බුවෙන ගලට කාටවත් අයිතියක් කියන්න බැහැ ඒක අයිති ඒ කෙනාට විතරයි හොර රහසේ කපල බැරිවෙලාවත් ගලක් අහු උනොතින් ඒක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා රජයට ගන්න අයිතියක් තියෙනවා ලංකාවේ නීතියක් තියෙනවා අපේ පොළොව සින්නක්කර තිබුනට ඔප්පු විතරයි අපිට අයිති තියෙන්නෙ අපිට උඩ අයිතින් නෑ පොළොව යට අයිති නැහැ..ඒ නිසා පොළොවෙන් හම්බවෙච්ච සෑම පාෂාණයකම අයිතිය තියෙන්නේ රජයට..."
✪වටින ගලක් කියන්නේ විනිවිද යන්න ඕනෙද....?
''වටින මැණිකක් නම් පොතේ ගල් කියන්නේ ඒකට තමයි සම්පූර්ණ clean වෙන්න ඕනේ synthetic හා සමාන වෙන්න ඕනේ වතුර බිංදුව වගේ තියෙන්න ඕනේ මුකුත් මුකුත් ඉරක්වත් නැතුව...ඒව තමයි වටිනාම මැණික් ..."
✪මැණික් ගලක් ගන්නකොට ගන්නකොට අපි ඇයි සල්ලි කොළයක් තියලා දිනේ ලියලා ඒ කරන්නේ මොකක්ද එදා ඉඳන් පැවතගෙන එන එකක්ද....?
"නෑ එහෙම දෙයක් නැහැ ...ගලක් එවනවානම් මට ඩේට් එක ලියලා සුදු කොළයක් උඩ එතනින් ගල තියලා ෆොටෝ එකක් ගහලා එවන්න කියලා ඒ කියන්නේ අප්ඩේට් එක ඉල්ලන්නේ ගල දැන් ඔයාගේ අතේ තියෙනවා කියල....සමහරු එවන්න පුළුවන් පරණ පින්තූරයක් ඒ අප්ඩේට් කරගන්න තමයි මේ ඇත්ත ගලක් මේක දැන් මෙතන තියෙනවා කියන එක දැනගන්න තමයි date එක දාල එවන්න කියන්නේ නැතුව එකේ විද්‍යාත්මක පැත්තක් වත් මොනවක්කත් නැහැ..."
✪එතකොට දැන් ඔබ දානවා කියනවා නේද ගල ඒ කොහොමද ඒක වෙන්නේ...?
"සමහරක් පොළොවෙන් හම්බු වෙන ගල් දැක්කම මොකක්ද මේකෙ වටින්නේ කියලා හිතනවා ඒක ලොකු කාර්යභාරයක් තියෙනවා කරගන්න මම කිව්වේ වාසනාව මත තමයි ඒක තීරණය වෙන්නේ පොලොවින් එන ගල අපට නොදකින්න අවස්ථා තියෙනවා ඒක අපි දකින්නේ අපේ තියන දැනුමත් එක්ක තමයි පොළොවෙන් එන්නේ නිකම්ම කළු ගලක් වගේ ...ඒක උඩට ගෙනල්ල සෝදලා කරල ඉවර වෙලා ඒකෙ තියෙන පලුදු ප්‍රමාණය කොච්චරක්ද අපද්‍රව්‍ය ඒ සියල්ල ඇරලා පුච්චලා සේරම කරලා එළියට ගත්තට පස්සේ තමයි clean ගලක් එන්නේ ඔය ගල ඇවිල්ලා එතනට ගෙන්න ලොකු කර්තව්‍යයක් කරන්න වෙනවා...සමහර විට කෝටි පහකට ගන්න ගලක් මැෂින් එකේ පුච්චල අතට එනකොට ලක්ෂ දෙකක් වත් වටින් ඇති ගලක් වෙන්න පුළුවන් ...ඔබ දානවා කියලා කියන්නේ ගල පුච්චලා ඉවර වෙලා පලුට්ඔක්කොම අයින් කරලා ඉවරවෙලා උඩට අරගෙන ඊට පස්සේ තමයි ඔප දානවා කියලා කියන්නේ එතනින් පස්සේ තමයි ගලේ අවසානය .එතනට වෙනකම්ම ගලේ වෙළෙන්දා ගිනි ගොඩක තමයි ඉන්නේ ...වැරදුනොත් වැරදුණා හරිගියොත් හරිගියා...ඒක වාසනාවත් එක්ක යන දෙයක්...."
සාකච්ඡාව -කෝනාර ව්ලොග්
0 Comments