radio-education-sri-lanka

ප්‍රාථමික, ද්විතියීක, උසස් අධ්‍යාපන හා තෘතීයික අධ්‍යාපනය සඳහා වූ ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සැලසුම් කර තිබේ. 

ඒ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එෆ්.එම්. සංඛ්‍යාත 97.9 අධ්‍යාපන අමාත්‍යාංශය වෙත වෙන් කර දී ඇත. මෙහි ආරම්භක ආයෝජන මුදල රුපියල් මිලියන 245කි. කෝවිඩ් වසංගතය තවදුරටත් ව්‍යාප්තවීම හේතුවෙන් ඇති වූ සමාජ දුරස්ථභාවය නිසා මතුවන අධ්‍යාපන විෂමතාවන්ට පිළියමක් වශයෙන් අධ්‍යාපනය සඳහාම වෙන් වූ මෙම ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරන තෙක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු සංඛ්‍යාත, අධ්‍යාපන විකාශය සඳහා භාවිත කිර්මට ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරීපත් කර ඇත. මේ සඳහා මාසිකව රුපියල් මිලියන 09ක මුදලක් වැය වන අතර, එම මුදල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් වෙන් කරවා ගැනීමටද යෝජිතය.

(නවෝද්‍යා පවනි)