කොරෝනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි දත්ත පසුපස සිටිනුයේ එම නිලධාරීන් නොවන බවත් සියල්ල සිදු කරනුයේ හමුදාවෙන් බවත් මේජර් ජනරාල් වරයෙකු සියලු දත්ත එකතු කර සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදුන් පසු ඔවුන් කරන්නේ ඒවා ප්‍රකාශයට පත් කිරීම පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න අද වසංගත රෝගය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී පැවසීය.
මැරිච්ච අයගෙ ගෙවල් වලට ගිහින් කොරෝනාව වෙනුවට වෙන ලෙඩ වලට මරණෙ මාරු කරන බවත් 180 ක් වූ ගණන 150 ට බස්සන බවත් ඔහු කීය. හවසට ආසාදිතයින්ගේ ගණන් එකතු කර ඔහු කැමති පරිදි වෙනස් කර ලබාදෙන බවද කීය.
මෙම දත්ත වෙනස්කිරීම දෙරණ නාලිකාවේ ප්රවෘත්ති මගින්ද හෙළි කළ බව පවසන රාජිත මන්ත්‍රීවරයා දැන්ම නම හෙළි නොකරන බවත් ඉදිරියේදී මෙය සිදු කරන අයගේ නම් හෙළි කරන බවත් කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කලකට පසු කට ඇර දෛනික මරණ ගණන 250 බව දැන් කියන බවද පැවසීය.
මෙම වැරදි දත්ත නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ලංකාවේ විශේෂ තත්වයක් ගැන වාර්තා ඉදිරිපත් කර ඇති බව පවසන මන්ත්‍රීවරයා වාර්තාවන සංඛ්‍යා අනුව ආසාදිතයින්ට සිදුවන මරණ ගණනින් නිරූපණය වන දෛනික මරණ අනුපාතය අනුව ලංකාව ලොව 2 වන තැන සිටින බවද කීය.
0 Comments