ran-pokunugama-student-death

රන් පොකුණගම මහා විද්‍යාලයේ හත වසර  ඉගෙනුම ලබමින් සිටි දොළොස් හැවිරිදි දරුවකු කොවිඩ්-19  වයිරසය ආසාදනය වී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24 වැනිදා) මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. මියගොස් ඇත්තේ  රන්පොකුණගම නිවාස සංකීර්ණයේම මොහොමඩ් සම්මිල් ආමන් (12) නමැති  දරුවෙකි.




මෙම දරුවා වයිරසය ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ද තහවුරු කළේය. එම පවුලට සිටියේ මියගොස් ඇති දරුවා පමණක් බවත් කෝවිඩ් වසංගතය ආරම්භ වූ කාලයේ සිට එම දරුවා පාසලට නොපැමිණි බව ද රන්පොකුණගම මහා විද්‍යාලයේ විදුහල්පති සමන් ජයසේකර මහතා කීය.  දරුවාගේ නිවැසියන් ඇතුළු පළමු ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමුකොට ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයා කියා සිටියේය.


 -ආනන්ද ඉ. ජයකොඩි-