කොරෝනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන තොරතුරු නිවැරදි ඒවා නොවන බවත් අඩුතරමේ දත්ත ලබාගන්නේ කොතැනින්දැයි යන්න පවා ඔවුන් නොදන්නා බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.
මෙම පිරිස ඉතා සම්ප්‍රදායිකව දත්ත රැස් කරන අතර අලස සහගත ලෙස ඒවා යාවත්කාල කරන බවත් ඕනෑතරම් වැරදි සිදුවුවත් ඒවා බරපතල ඒවා ලෙස නොතකා එදිනෙදා කටයුතු වගකීමකින් තොරව ඉටුකරන බවත් පෙන්වා දුන්නේය.
ඊට අමතරව විවිධ අය වරින්වර කථාකර ලබාදෙන උපදෙස් අනුව එක් එක් කාලවල එක එක ආකාරයට හැසිරෙන බවත් හිතාමතා විකෘතිකරන ලද තොරතුරු ජනතාවට ලබා දෙන බවත් ඔහු චෝදනා කරයි.
මෙම අවිධිමත් භාවය අවම කිරීමේ අදහසින් සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාරවලට ‘සුපරික්ෂා මෘදුකාංගය" නමින් ඇප් එකක් ලබාදුන් නමුත් මේ වන විට එය පාවිච්චි නොකරන බවත් එය අක්‍රීය තත්වයේ පවතින බවත් කියන අතර ඒ නිසා එදිනෙදා සිදු කරන පරීක්ෂණ ප්‍රතිඵල එක්වර ගොනු කරගැනීමේ තාක්ෂණයක්ද ඔවුන්ට නිසියාකාරව නැති බව කීය.
නිවැරැදි දත්ත ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමේ උවමනාවක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට නැතැයිද ඔහු කීය.
ලංකාවේ පී.සී.ආර්. පරික්ෂණ රජයේ රසායනාගාර කීයක කරනවාදැයි සෞඛ්‍ය ලේකම්වරයාගෙන් විමසුවොත් ඔහුට උත්තර නැතිවනු ඇතැයිද ඒ ගැන අවබෝධයක් නැතැයි ද කුමුදේශ් මහතා කීවේය.
කුමක් හෝ ප්‍රශ්නයක් පැනනැගුණ පසු තමන්ගේ වරද වෙන අයට පටවා අතපිසගැනීමේ වගකීම් විරහිත තත්වය නිසා මෙම ගැටලු ප්‍රශ්න කරන අයට ප්‍රශ්නයක් ලෙස හඳුනාගැනීමේ අවස්ථාව මේ දක්වා අහිමිවී තිබුණ බව කියන ඔහු මේ නිසා මෙම දත්ත වංචාව රටේ කොරෝනා වසංගතය නිවැරදිව හඳුනාගැනීමේදී විශාල පාඩුවක් සිදුකර ඇතැයි ඔහු කීය.
යම් වරදක් වූ විට හේතු දැක්වීමේදී එන්නත්කරණයට ත්‍රිවිධ හමුදාවටත්, ප්‍රභේද පරික්ෂණය පෞද්ගලික රසායනාගාරවලටත් ඇඟිලි දිගුකරමින් ගැලවීමට හැමවිටම කටයුතු කරන අයුරු තමාගේ අත්දැකීමෙන් දන්නා බවද කුමුදේශ් මහතා සඳහන් කළේය.
0 Comments