
ගුරු විදුහල්පති විරෝධතාවයට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රදවා සිටින ගුරුවරුන් 44 පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) පෙරවරුවේ එම පරිශ්‍රයට ගියත් ඔවුන් මහුණගැසීමට නොදී පොලිසිය ඊට බාධා පමුණුවනු ලැබූවේය.
එහි උණුසුම් තත්ත්වයක් හටගත් අතර සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ රටක විපක්ෂනායකවරයාට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ නීතිඥවරුන්ට පොලිසියක් තුළට යෑමට අවසර නැත්නම් රටක ඇත්තේ කිනම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදයක් දැයි යනුවෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval