අගොස්තු 20-30 දින 10 තුළ නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කර ඇති නමුත් එය එන්නත්කරණ වැඩසටහන් සඳහා කිසිදු බාධාවක් නොවන බව යුද හමුදාපති ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.
වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත් කිරීම ඇතුලු දිවයිනේ ක්‍රියාත්මක සියලුම එන්නත් වැඩසටහන් නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුල ද ක්‍රියාත්මක වන අතර ඒ සඳහා සහභාගීවන අයට අවසර ඇති බවද ඔහු කියයි.
සැප්තැම්බර් මස 1 වනදාට පෙර අවුරුදු 60ට වැඩි පුරවැසියන් එන්නත් කර අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර නිවෙස්වලට ගොස් හෝ එම ඉලක්කය සපුරන බව ඔහු කීය.
ප්‍රාදේශීය ලේකම්, පළාත්පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත මේ මස 23 වනදාට පෙර වාර්තා කරන්නට දන්වා ඇත.
1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම්ද සළසා ඇත.
0 Comments