
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ෂර්ලි පී දෙලංකාවල මහතාටත් සාහිත්‍ය නිර්මාණවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාටත් කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තාවේ.
මෙවර කොරෝනා රැල්ල හේතුවෙන් මේ වනවිටත් කලා ශිල්පීන් රැසක් ආසාදිතවී සිටිති.
ඒ අය අතර
ගායන ශිල්පී ජිප්සීස් නායක සුනිල් පෙරේරා, පිටපත් රචක හා ටෙලි නළු ගිරිරාජ් කෞෂල්‍ය, ටෙලි නළු නිරෝෂන් විජේසිංහ ටෙලි නිළි නයනතාරා වික්‍රමාරච්චි, සිනමා නළු හා හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක, සිනමා නිළි ශ්‍රියානි අමරසේන,ටෙලි නිළි ශලනි තාරකා, රංගනවේදී ජයසේකර අපොන්සු හා ටෙලි නිළි රොෂානා ඔන්ඩච්චි සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval