
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වන ITN සභාපති, නිදහස් කලා සංධානයේ සභාපති සුදත් රෝහණ මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී තිබේ.
මින් ඉහත මීට මාස 2 කට පෙර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සේවක සේවිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වැළඳුණ බවට ආරංචි පැතිර තිබූ අතර මෙවර රැල්ල සභාපතිවරයා ආසාදනය කර තිබේ.
සුදත් රෝහණ මහතා මෙන්ම දැනට කලා කරුවන් රාශියක් කොරෝනා නිසා පීඩාවෙන් පසුවෙති.
ඒ අය ලැයිස්තුව පහතින්
- ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ෂර්ලි පී දෙලංකාවල
- සාහිත්‍ය නිර්මාණවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
- ගායන ශිල්පී ජිප්සීස් නායක සුනිල් පෙරේරා,
- පිටපත් රචක හා ටෙලි නළු ගිරිරාජ් කෞෂල්‍ය,
- ටෙලි නළු නිරෝෂන් විජේසිංහ
- ටෙලි නිළි නයනතාරා වික්‍රමාරච්චි,
- සිනමා නළු හා හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක,
- සිනමා නිළි ශ්‍රියානි අමරසේන,
- ටෙලි නිළි ශලනි තාරකා,
- රංගනවේදී ජයසේකර අපොන්සු
- ටෙලි නිළි රොෂානා ඔන්ඩච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval