අපි ඉන්නෙ කණගාටුදායක පසුබිමක රෝහලක ඇඳක් හොයා ගන්නවත් බැරි තත්ත්වයක මේ වෙනවිට පත්වෙලා තියෙනවා....මේකෙදි අපි එක එක්කෙනාට දොස් පවරා ගැනීම කෙසේ වෙතත් අපි හැමෝගෙම ජීවිතය රැක ගැනීමට අපිට අයිතියක් තියෙනවා ඒ නිසා අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන කියන එක තමයි මේකෙදි පැහැදිලි වන්නේ....
සමහර වෙලාවට මම දැක්කා සංචරණ සීමා දාලා තියෙනකොට සංචරන සීමාවේ කෙළවරින් බස් එකේ බැහැලා පයින් ගිහිල්ලා එහා පැත්තේ පළාතේ බස් එකේ නැගලා මිනිස්සු යනවා ඉතින් සියලුම දෙනාට මිනිස්සුන්ව මේ විදියට විදිහට පාලනය කරන්න අමාරුයි මිනිස්සුන්ට යම්කිසි ප්‍රමාණයකට ස්වයං පාලනයක් තියෙන්න ඕනේ.. අද මම මේ විශේෂයෙන්ම කියන්න යන්නේ ඔබට මගේ හිතවත් නෑදෑයො යාළුවෝ වන කීප දෙනෙක්ම මේ අය වයස්ගත අය නෙවෙයි..සමහර අය අවුරුදු 40 ටත් අඩු අය ඒගොල්ලො මේ covid නිසා ක්ෂණික මරණයක් වගේ තත්වෙකට පත් වුණා...
කෝවිඩ් හැදිලා කෝවිඩ් නිව්මෝනියාව කට එන්න තරම් කාලයක් නැහැ ඊට කළින් මැරෙනවා....ඒ මැරෙන්න කවුද කියලා අපිට පූර්ණ නිගමනයක් කරන්න බැහැ... පොඩි දරුවන්ටත් මේක බලපානවා,ඔය තරුණ අය ගොඩක් වෙලාවට මැරිලා තියෙන්නේ covid නිව්මෝනියාවෙන් නෙවෙයි...covid නිව්මෝනියාව හැදෙන තරම් කාලයක් යන්නේ නැතුව ඔබ දැනුවත් වෙන්න ඕනේ විශේෂයෙන්ම මොකක්ද මේ වගේදි වෙන්නේ කියන එක.
විශේෂෙන්ම මතක තියාගන්න මොනවා හරි වෛරසයක් අපේ ඇඟට ගියාම ඇඟේ විවිධ අවයව සහ පටක වල ඇති කරනවා ප්‍රදාහක ප්‍රතිචාරය එකේදී වෙන්නේ ඒ අවයවය හෝ ඒ පටකය හෝ ඉදිමෙනවා රතුවෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා වේදනාකාරී වෙනවා අන්න එහෙම දෙයක් තමයි වෙන්නේ...එතකොට සමහර වෙලාවට මේ covid virus ඇතුල් වෙලා දින ගාණක් යනවා covid නිව්මෝනියාවට එන්න ඊට කලින් මම දන්න කිහිප දෙනෙක්ම මැරුණා එතකොට වෛද්‍යවරු ඒකට හේතුව කියන්නේ myocarditis කියන තත්ත්වය කියලා....හෘදයේ තියනවා හෘද පේශියක් ඒ පේශියෙන් ඇතිකරන සංකෝචනයෙන් තමයි සම්පූර්ණයෙන්ම මේ පොම්පය ක්‍රියාත්මක වෙන්නේ...
වයිරසය අපේ ශරීර ගත වුණාට පස්සෙ විශේෂයෙන්ම තරුණම අයගේ පොඩි ලමයින්ගෙ වගේ අයගේ වෛරසය මුළු ඇඟ හැම තැනම යනවා එතකොට ඕන අවයවයක ඕනම පටකයක inflamation තියෙන තත්ත්වය ඇතිවෙන්න පුළුවන් ඒක myocardium එකේ ඇති වෙන්න පුළුවන්...myocardial inflamaction උනහමකොයි තරම් තරුණ හොඳට එක්සයිස් කරලා නිරෝගී තත්ත්වයෙන් හිටියත් ඒකත් අදාළ වෙන්නේ නැහැ මේක ආවොත් එහෙම...ඒ නිසයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ විශේෂයෙන්ම...එහෙම ආවොත් එහෙම හාර්ට් එකේ ආටක සාමාන්‍යයෙන් විනාඩියකට ආසන්න වශයෙන් වාර 72කට ස්පන්දනය වෙන්න ඕනනේ රුධිරය සැපයීම සඳහා....ඒක එක්කෝ වැඩි වෙලා ආපහු අඩුවෙනවා නැත්තං අඩුවෙලා යනවා...අන්න එහෙම වෙලා හාට් එක වැඩ කරන්නැතුව මරණයට පත්වෙන්න පුළුවන් පත් වෙන්න පුළුවන් සමහර විට covid රෝග ලක්ෂණ මතු වීමට පෙර මැරිල යන්න පුළුවන් ....
ඒ වගේම අනිත් එක තමයි හෘදයෙන් රුධිරය සපයන රුධිර වාහිනී තියෙනවා ඒවා බෙදී බෙදී යනවා සමහර විට මොළයට යනවා ඒ යන රුධිර රුධිරවාහිනී ඇතුලේ රුධිර පට්ටිකා එකට එකතුවෙලා කැටි ගැහිලා රුධිර කැටි ඇති වෙන්න පුළුවන්...ඒ රුධිර කැටි ඇතිවීම නිසා මොලේ රුධිර කැටි ඇතිවීම හෘදයට රුධිරය සපයන රුධිර ධමනි වල කැටි ඇති වෙලා thrombosis තත්ව ඇති වෙලා මොළයට හෝ හෘදයට හානි සිදුවීමෙන් මරණයට පත්වෙන්න පුළුවන්...ඒ කියන්නේ මම දන්න ටීච කෙනෙක් නැති වුණා අද වගේ දවසක හවස එයා ෆුට් බෝල් සෙල්ලම් කර කර හිටියා ඊට පස්සේ ටිකක් හවස් වෙද්දී එයාට ටිකක් අමාරු වුණා එදා රෑ එයා හොස්පිටල් එකට එක්කගෙන ගියා පහුවදා දවල් 12 වෙනකොට මැරුණා....ප්‍රධානම හේතුව වුණේ myocarditis කියන තත්ත්වය...එයා හොඳ නීරෝගී ශක්තිමත් කෙනෙක්....අපිට කියන්න බැහැ ඒ තත්ත්වය ඇති වෙන්නේ කාටද කියන එක...ඒ නිසා බොහොම කාරුණිකව ඉල්ලනවා ඔබේන් මේ අවස්ථාව පිළිබඳ විශේෂයෙන්ම විශේෂයෙන් ම සැලකිලිමත් වෙන්න....
උත්සව ලොකුවට හෝ පොඩියට සහභාගි වීම ඉතාමත් දුරට නවත්තලා ම දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි...මොකද අපි mask එක දාල ඉන්නකොට mask එක තප්පර හයකට ගැලෙව්වොත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වෙන්න හොඳටම ඇති...ගොඩක් අය හිතනවා එන්නත ගහපුවාම පළවෙනි මාත්‍රාවක් තියෙන්නෙ සාමාන්‍යයෙන් 3% විතර ආරක්ෂාවක්...දෙවැනි මාත්‍රා වත් ගහලා සති තුනක් විතර ගියාම තමයි සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙන්නේ....ඒ නිසා එන්නත අනිවාර්යෙන්ම ගන්න....එන්නතේ එක මාත්‍රාවක් අරගෙන හැමතැනම ඇවිදින්න යන්න එපා....
ඇයි අපිට අපිට පෙනී යනවා මියගිය අය අරන් බලුවහම එන්නත් දෙකම ගහලා සති තුනක් ගත වෙච්ච ඇයගෙන් මියගිය ගිහිල්ල තියෙන ප්‍රමාණය ඉතාමත්ම සුළුම සුළු ප්‍රතිශතයක්.....ඒ නිසා ඒකෙන් ආරක්ෂාවක් තියෙනවා කියලා පැහැදිලි වෙනවා....ඉතිං ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න....ඒ වගේම මේත් එක්කම මට විශේෂ දෙයක් කියන්න තියෙනවා ඒ තමයි ආචාර්ය සරත් රණවීර සර් ග්‍රීන් ටී වලින් එක කෙමිකල් එකක් වෙන් කරල අරගෙන ඒක වෙනම ටැබ්ලට් එකක් විදියට හදලා කැනඩාවේදී තමයි ඒකට පේටන් බලපත්‍රය අරන් තියෙන්නේ එහෙට යවනව....ග්‍රීන් ටී වල යෝගය වෙන්කර ගත්තේ නැති උනාට සංයෝගය ග්‍රීන් ටීවල තියෙනවා ඒ වගේ ක්‍රම ඕගොල්ලන්ට අනුගමනය කරන්න....ස්ටේෂන් මේ තමන්ගේ ජීවිතය පිළිබඳ වගකීම තමන් අරගෙන පුළුවන් තරම් ආරක්ෂා වෙලා ඉන්න...
තමන් තරුණයි කියන එක නං හිතට ගන්න එපා තමන් නිරෝගී කියන එක නම් හිතට ගන්න එපා....සමහරවිට covid ආසාදනය වෙලා හත්වෙනි දවස වෙනකන් නිරෝගීව ඉඳලා 8 වෙනි දවසේ හොඳටම අමාරු වෙලා එදාට ICU ගිහිල්ලා මරණයට පත් වෙන්නත් පුළුවන්....ඒ නිසා මේක කොහොම වෙනස් වෙයි ද කියලා අපිට කියන්න බෑ...ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියනවා 22,000 පමණ පිරිසක් ලංකාවේ මිය යයි කියලා ඒ නිසා සංචරණය සීමා දැම්මා හෝ නො දැම්මා දැම්ම නැති එක හෝ නොදැම්ම එක ගැන සාකච්ඡා කරන එක නෙමෙයි කරන්න ඕනේ....හැමෝටම වගකීමක් තියෙනවා තමන්ගේ ජීවිතය සහ තමන්ගේ ආදරණීයයන් රැක බලා ගැනීම සම්බන්ධයෙන්....ඒ ගැන විශේෂයෙන් ම අවධානය යොමු කරන්න....
0 Comments