ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වෛරසවේදියා ලෙස හඳුන්වාදිය හැකි ලෝක සෞඛ්‍ය සංවිධාන වසංගතවේදය පිළිබඳ විශේෂඥ කමිටුවේ වසර 25ක් සේවය කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන මහාචාර්ය තිස්ස විතාරණ රටේ පවතින අනතුරුදායි තත්වය ගැන සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ.
✪ ඇත්තටම රට තියෙන තත්ත්වය ඉතාම කෙටියෙන් මට කියන්න අපි ඉන්නේ ලොකු අනතුරක ද....?
"ඉතාමත් දරුණු අනතුරක...."
✪දැන් ඩෙල්ටා ප්‍රභේදය ගැන කතා වෙන අතරේ බැරි වෙලාවේ හරි delta plus ලැම්ඩා ඒ වගේ ප්‍රභේද ආවොත් තත්වෙ සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන් ?
"දැනටම වෙනස් වෙලා කියලා කියන්න උදාහරණයක් හැටියට පටන් ගන්නකොට එච්චර දරුණු තත්වයක් තත්ත්වයක් තිබුණේ නැහැ වෛරසයෙන්...එච්චර සීග්‍රයෙන් පැතිර යන තත්ත්වයක් තිබුණෙත් නැහැ..ඒක තමයි ඇල්ෆා virus එක ...එතකොට ඇල්ෆා දකුණු අප්‍රිකාවෙ බ්ර්සීලයේ එහෙම බීටා ගැමා කියලා මතු වුණා...දැන් බ්‍රිතාන්‍යයේ ඉන්දීයාවේ මතුවෙලා ඇවිල්ල තියෙන්නේ delta කියන ප්‍රභේදයක් ..."
✪මේ තත්ත්වය තුළ අපි එකම විසඳුම හැටියට හිතාගෙන ඉන්නේ එන්නත්කරණය.එකම විසඳුම එන්නත්කරණයද...?
"නැහැ නැහැ එන්නත්කරණය අවශ්‍ය කොටසක්...."
✪කෙනෙක්ට අද ප්‍රශ්නයක් තියෙන්නේ අද එන්නත් කර ගෙන යනවා හැබැයි රටේ සියයට අසූවක් විතර එන්නත්කරණය කරාට පස්සේ තමයි සමූහ ප්‍රතිශක්තිකරණයක් ගැන කතා වෙන්නේ....නමුත් අපි මේ ඉන්න මට්ටමත් එක්ක සමූහ ප්‍රතිශක්තිකරණයක් ගැන තාම කතා කරන්න බෑනේ අපිට...?
" තියෙන තත්ත්වය දිහා බැලුවහම...කවුරුත් බලාපොරොත්තු නොවුන මට්ටමේ මරණ සිද්ධ වෙනවා දරුණු රෝගීන් මතුවෙලා තියෙනවා,වාට්ටු පිරිලා තියෙනවා...ඒ තරම් ඉක්මනට මේ තත්වෙට වැටිල තියෙන එක භයානකයි...දැන් මාස හයක හතක විතර කාලයක් වෙනවා මට මගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ...සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ එතුමිය පත්වුණු වහාම එදාම මට කෝල් කරල කිව්වා හම්බු වෙලා සාකච්ඡා කරන්න කියලා ....පැයකට වඩා මම එතුමිය එක්ක සාකච්ඡා කළා..."
✪මොකක්ද එක අවස්ථාවක් ලැබුණා කිව්වේ....?
"හම්බ උනේ පාර්ලිමේන්තුවේ තියෙනවා දැන් සෞඛ්‍ය උපදේශක කමිටුවක් දැන් ඒ කමිටුවේ සාමාජිකයෙක් මම ඉතිං ඒක මාස්පතා රැස්වෙන්න තියෙනවා....ඉතිං ඒ කමිටුව හදිසියේ රැස් කළා සෙනසුරාද දවසක ඉතිං මම වෙන ගමනක් යනකොට ආපහු හැරිලා එතනට ඇවිල්ලා එතකොට විතරයි සෞඛ්‍ය ඇමතිතුමිය ප්‍රධානත්වයෙන් කමිටුව රැස් වෙලා තිබ්බේ..."
✪එදා යෝජනා ඉදිරිපත් කළා....?
"මම පැහැදිලිවම කිව්වා සෑහෙන ප්‍රමාණයක් දැන් රෝගීන් මතුවෙලා තියෙනවා මගෙන් දෙක බොරුනෙ කියලා හොයා ගන්න බැරිවෙලා...එකෙන්ම පැහැදිලි වෙනවා සමාජ ගත වෙලා තියෙනවා කියලා ....වෛරසයක් සමාජගත වෙලා තියෙනකොට පොකුරු ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන් නමුත් ඒක සෑහෙන්නේ නැහැ ..."
✪එදා ඔබතුමා යම්කිසි යෝජනා මාලාවක් ඉදිරිපත් කළාද....?
"මම කිව්වා සියලු පක්ෂ නායකයින් ගේ covid කමිටුවක් පිහිටුවලා ඒ කමිටුවත් එක්ක ඇමතිතුමියට නිතර නිතර අදහස් හුවමාරු කර ගැනීමක් කරන්න...එතකොට ඒ සියලුම දේශපාලන පක්ෂ වල අයත් අපේ පොදු හතුරා ට විරුද්ධව කොටස්කාරයෝ වෙනවා....ඒකෙ අවශ්‍යතාවය මම කිව්වේ මේක ගම් මට්ටමට යන ඒ කමිටු පිහිටුවලා ඒ කමිටු වලට සෞඛ්‍ය සේවයේ අය සම්බන්ධ කරගෙන ඒ අයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ මේ රෝගය ගැන...."
✪ක්‍රියාත්මක වුණේ නැද්ද යෝජනාව...?
"එතුමිය කිව්වා මගේ මැනීම පිළිගන්නේ සමාජ ගත වෙලා නැහැ...එතනින් එහා පොකුරු ක්‍රමය පදනම් කරපු ඉදිරියේදී සාර්ථක කළා ඒක තමයි ඉදිරියට ගෙනි යන්න යන්නේ මගේ ගතවෙලා තියෙනවා කියලා මං පිළිගන්නේ නෑ කියලා තමයි සෞඛ්‍ය ඇමතිතුමිය කිව්වේ..."
✪සෞඛ්‍ය ඇමති තුමියට මොකද්ද උනේ එතුමිය ඔබට වඩා ඒ විෂය පිළිබඳ බුද්ධිමතෙක් විදිහට ඒ තේරුම් ගත්ත විදිය හරිද...නැත්නම් ඇයට වැරදුනාද...?
"මම නං හිතන්න එතුමියට මේ ගැන මදිකමක් වගේ පෙනුනා සමාජගත වීම වෙලා තියෙනවා කියලා පිළිගන්න එක ....ඇගේ ඇමතිකමෙන් අඩුපාඩුවක් වෙලා තියෙනවා වගේ හැඟීමක් වෙලා තියනවා වගේ කියලා...මේ වෛරස් ප්‍රභේද ඇති වෙන එක සිද්ධ වෙනවා ...."
✪ඔබතුමා හිතෙන විදියට සෞඛ්‍ය අමාත්‍යාංශය වෛරස් පාලනය පිළිබඳව අසාර්ථකද....?
"සෞඛ්‍ය සේවයේ හැම එක්කෙනාම මම දන්න විදිහට රෑ දවල් දෙකේ ලොකු කැප කිරීමකින් කටයුතු කරනවා ...සෞඛ්‍ය සේවයේ වැරැද්දක් විදියට මට පේන්නෙ නැහැ ....මෙතැන ප්‍රතිපත්ති වරදක් තමයි තියෙන්නේ .... උදාහරණයක් විදිහට යම් ප්‍රශ්නයක් මතු උනොත් ඒකට මෙන්න මේකයි හේතුව ඒ ආකාරයට වැඩි වෙන්න වැඩි වෙන්න යනවයි කියන එක හරියට මැනලා තීන්දු කළාට පස්සෙ ඒකට විරුද්ධව එක නැති නිසි පියවර ගන්න පුළුවන් වෙන්නේ ...."
✪නිසි කලට අවශ්‍ය කරන තීන්දුව ගන්න බැරි වුණා නිසි වේලාවට අවශ්‍ය කරන තීන්දුව ගන්න බැරි වුණා...ඒක තමයි ප්‍රධානම හේතුව...ලංකාව කියන්නේ කියන්නෙ දූපතක්....ඒ වගේ රටකටත් මේ වගේ virus එකෙන් පීඩා විඳින්න හේතුව මොකක්ද....?
"වැරදි තීන්දු තීරණ...."
✪මහාචාර්යතුමා දැන් අපිට වැරදුනා....එතනින් එහාට වත් අපි මුහුණ දෙන තැන බලන්න ඕනේ... මම කියනවා රට වහ lockdown කරන්න ඕනේ මෙහෙම ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා එක කරලා සති දෙකක් හිටලා තමයි ඊළඟ පියවරට යන්න ඕන කියලා ...ඔබතුමා මොකක්ද කියන්නේ ...?
"ඒකට මම එකඟයි ...අපේ ජනතාවට මේකේ බැරෑරුම්කම තවම තේරෙන්නේ නැහැ...ඒක එන්න එන්න වැඩි වෙයි කියන බයත් ඇති වෙලා නැහැ ...එනම් තීරණ ගත්තේ ඒවා අපි කවුරුත් දන්නව මොනවද කියලා....ඒ වැරදි තීන්දු පිට හැඟීමක් දුන්නා බය වෙන්න දෙයක් නැහැ රට සාමාන්‍ය තත්වයට ගේන්න පුළුවන්...වසන්ත උදානය පවත්වන්න පුළුවන් අවුරුදු උත්සව පවත්වන්න පුළුවන් ඒ දේවල් ඒ උනේ ......ඉඳන්ම ආදර්ශයක් දීල කටයුතු කළා නම් උදහරණයක් හැටියට අපි මෙතන තුන් දෙනයි ඉන්නේ මේ ආකාරයට තමයි ඉහළ මට්ටමේ වුණත් රැස් වෙන්න ඕනේ...."
✪දැන් තියෙන ප්‍රශ්නෙ මේ ඉලක්කම් වැරදියි ලෙඩ්ඩුන් ප්‍රමාණය වැරදි මරණ වැරදි....මේක කුමන්ත්‍රණයක් කියලා කියලා කියනවා...ඒ ඉලක්කම් අඩු කරලා ඉලක්කම් විජ්ජාවක් කරලා වසංගතය හංගලා රටේ මේක control කලා කියලා වගේ දෙයක් පෙන්නුවද...?
"එහෙම දෙයක් පෙන්නපු බව මමත් විශ්වාස කරනවා....නමුත් ඒක වැරදි මතයක්...මම සතිපතා වගේ පුවත්පත් වලට ලියනවා ඒ ලියන කොට මම පැහැදිලි කරලා කිව්වා අපි ආණ්ඩුවක් හැටියට බලයට ආවහම අපිට යුතුකමක් තියෙනවා අපි ආර්ථික වශයෙන් ඉන්නේ ඉතාමත්ම දරුනු තත්ත්වයක ඒක නිසා පටි තද කරන්න ඕනේ...ඒක කිරීම ආණ්ඩුව කරනවා පමණක් නෙමෙයි පෝසත් අයගෙන් පටන් අරගෙන කරන්න ඕනේ දුප්පත් නැති බැරි අයට සහන ලබා දෙන්න ඕනේ..."
✪ආචාර්ය තුමා මේ වෙලාවේ අපි හිතන්න ඕනේ රටේ ආර්ථිකය ගැන ද මිනිස්සුන්ගේ පණ පිළිබඳව ද ....?
"මිනිසුන් ගේ ජීවිතය තමයි වැදගත්ම දේ....අංක දෙක ආර්ථිකය...."
✪වහ වහා lockdown ක්‍රමයකට යා යුතුයි...?
"ඔව් මම කියන්නේ ඒක කළ යුතුයි...දැන් පේන හැටියට අපේ ජනතාවට වැරදි අදහස් දීලා වැරදි මත ඇති වෙලා සහයෝගයෙන් කටයුතු කරන්නේ නැති නිසා මේ තත්ත්වයෙන් ගැලවෙන්න lockdown සති දෙකකට අනිවාර්යයෙන් කළ යුතුයි...."
✪දැන් ප්‍රධානම ප්රශ්නය vaccine ගත්ත අයත් මැරෙනවා..vaccine මාත්‍රා 2 ගත්ත අයත් මැරිලා තියෙනවා ....මොකක්ද එහෙනම් ඒකේ ප්‍රතිඵලය...?
"Vaccine එකක් නිෂ්පාදනය කරන්න අවුරුදු හය හතක් ගන්නවා...දැන් මෙතන අවුරුද්දක් ඇතුළත මේවා පිට කරලා තියෙනවා....දැන් සමහර එන්නත් තියෙනවා ඒවා පිළිගත් ක්‍රමවේදය අනුව නිෂ්පාදනය කරලා තියෙන ඒවා...ඒව ගැන නම් මට නම් සැකයක් නෑ .....නමුත් අලුත් ඒවා මතු වෙලා තියනවා මේ ජාන විකෘති කරලා කොටස් පදනම් කරගෙන...ඒ එන්නත් වර්ග සැක සහිතයි ....අපේ ශරීරයට කෙලින්ම පිට ජාන ඇතුල් කරන කොට අනාගතේ මොනවා වෙයිද කියලා අපිට කියන්න බැහැ...."
✪මොන වගේ vaccine ගැනද ඔය කියන්නේ....?
"ෆයිසර් එක,මොඩර්නා එක..."
✪johnson and johnson එකත් ඒ වගේ ද ...?
"johnson and johnson මම හිතන්නේ වෙනසක් තියෙනවා පලවෙනි ක්‍රම පදනම් කරගෙන තමයි ඒක හදල තියෙන්නේ...."
✪ජාන විකෘති කරපු ආහාර පවා තහනම් කරලා තියනවා යුරෝපා කරේ...එතකොට එන vaccine එක දෙන්නෙ කොහොමද...?
"ඔව් ඒක කරන්න බැහැ....මේ එන්නත එන්න එන්න ඔප්පුවෙලා තියනවා delta ප්‍රභේදයට නිසි ආරක්ෂාවක් ලබා දෙන්නේ නැහැ කියලා....ඒක නිසා ඔබතුමා කිව්ව වගේ එනිසා එන්නත් දෙකම ලබපු අය අතරෙත් මරණ සිද්ධ වෙලා තියෙනවා ..."
✪එන්නත් ලබා ගත්තත් සමූහ ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ නැහැ කියන කතාවල් තියෙනවා මොකක්ද ප්‍රතිඵලය...?
"ඒ කියන්නේ මේ එන්නතෙන් දෙන ප්‍රතිදේහ ප්‍රතිශක්තිය කෙටි කාලයකට පමණයි ආරක්ෂාව....එක තියන්නේ තියන්නේ මාස ගණනක් වැඩිම වුනොත් අවුරුද්දක් වගේ....දැන් ඉන්ෆ්ලුවෙන්සා වල ඒ ප්රශ්නය තියෙනවා....ඉන්ෆ්ලුවෙන්සා වෛරස් ඒ වෙනස් වීම් ඇතිවෙනවා ඒ අනුව අවුරුද්දෙන් අවුරුද්ද අලුත් ප්‍රභේද වලට ආරක්ෂාව දෙන්න එන්නත් පිළියෙල කරනවා...."
✪මම දැක්කා ඔක්ස්ෆර්ඩ් එන්නත් සමූහයේ අධ්‍යක්ෂකවරයා මහාචාර්ය ශ්‍රීමත් ඇන්ඩෲ පොලාඩ් ....ඔහු කියලා තියෙනවා එන්නත් ගත්ත අයට අනාගත ප්‍රභේද වලදී වඩාත් වැඩියෙන් virus වෛරස් ආසාදනය වීමේ අවධානයක් තියෙනවා කියලා...එහෙම දෙයක් වෙන්න පුළුවන් ද ...?
"එච්චරයි මට කියන්න පුළුවන් වන්නේ ....ඉන්ෆ්ලුවෙන්සා එකේ කටයුතු කරල තියෙන ආකාරයෙ අලුත් ප්‍රභේද ලෝකයේ මතුවන කොට උදාහරණයක් හැටියට මම වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්යක්ෂකයි වයිරස් අංශ ප්‍රධානියා හැටියට ඉන්න කොට අපිට හැම අවුරුද්දෙම අපේ රටේ බිහි වන ඉන්ෆ්ලුවෙන්සා virus සාම්පල් ලෙඩුන්ගෙන් අරගෙන..ලන්ඩන් ඩබ්ලිව් එච් ඕ මධ්‍යස්ථානය තියෙනවා එතනට යවනවා....එහිදී ඒගොල්ලො බලනවා මේ තියෙන එන්නත් එකට නිසි ආරක්ෂාව දෙනවද නැද්ද අලුත් ප්‍රෝටීන් වර්ග තියෙන වයිරස් මතු වෙලා තියෙනවද කියලා .... එතකොට ඒක ඊළඟ අවුරුද්දේ පිටකරන එන්නතට ඇතුල් වෙලා තියෙනවා....එහෙම ඇතුල් කළාට පස්සෙ ....එතකොට පරණ ප්‍රභේද වලටත් අලුත් ප්‍රභේද වලටත් ආරක්ෂාව දෙනවා...."
✪ඇවිත් සම්බන්ධව එන්නත් වලට ඒක වෙලා නැහැනේ...?
"ඔව් ඒක වෙලා නැහැ ...."
✪මේ තත්ත්වය තුළ එන්නත ලබා ගත යුතුම ද ...?
"මම කියන්නේ යුතුයි....මම දෙකම ලබාගෙන තියෙනවා...ඒක තමන්ගේ කැමැත්ත ..."
✪නමුත් එහෙම බෑ නේ එන්නත ගත්ත කාඩ් එක හැම තැනටම ඕනේ කියලා කියනවා...?
"ඒක ආණ්ඩුව අරන් තියෙන තීන්දුවක්...මම නං හිතන්නෙ පුද්ගලයෙකුගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් එතන තියෙනවා කියලා...."
✪එතුමා හිතන ආකාරයට අපිට මේ වෛරසය...ඕන කෙනෙක්ට හැදෙන්න පුළුවන් මැරෙන අය මැරෙයි හැදෙන කෙනාගෙ ඇඟේ ප්‍රතිශක්තිකරණය හැදෙයි අපි කරන්නෙත් ඒකමද...?
"එහෙම හිතෙන්න ඉඩ තියෙනවා...නමුත් මම කියන්නේ නැහැ ඒක එකේ අදහස ඇතුව කල්පනා කරල කරන දෙයක් කියලා...නමුත් මම හිතන්නේ ප්‍රතිඵලය අන්තිමේදී ඒකයි ....මෙතැනදි පළවෙනි තැන දෙන්න ඕනේ අනවශ්‍ය දේවල් ඇති කිරීමට නෙවෙයි පලවෙනි එක දෙන්න ඕනේ මිනිස්සුන්ගේ බඩගින්න ලොකුම ප්‍රශ්න බඩගින්න ...උදාහරණයක් විදිහට 60% පමණ ජනතාව අපේ රටේ දරිද්‍රතාවෙන් ලැබෙන ආදායම පල්ලෙහා තියෙන්නේ...ඉතිං ඒ අයට ජීවත් වෙන්න සෑහෙන්න මුදලක් නැහැ ...මන්ද පෝෂණය වැඩි වෙලා තියෙනවා.... 18 %ක ට වෙලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා....ඒ කියන්නේ අවුරුදු පහට වඩා අඩු ළමයි පස් දෙනෙක් අරගෙන බැලුවොත් එක්කෙනෙක් මන්දපෝෂණයෙන් පෙලෙනවා ...."
✪ඔබට පෙනෙන විදිහට මේ වෛරසය අපේ පාලනය ද තියෙන්නේ නැත්නම් පාලනයෙන් ගිලිහී ලද තියෙන්නේ ....?
"දැනට තියෙන විදිහට නං ගිලිහිලා කියලා හිතන්න පුළුවන් ..."
සාකච්ඡාව - චමුදිත සමරවික්‍රම
0 Comments