two-health-sector-covid-deaths

කොළඹ ජාතික රෝහලේ හෙදහෙදියන් 100 කට ආසන්න පිරිසක් මේවනවිට කොරෝනා ආසාදිතවී සිටින අතර  වාට්ටු ලිපිකාරී සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කළ ගීතිකා නමැත්තිය ඊයේ ජීවිතක්ෂයට පත්වූවාය.


කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ පළමු කොවිඩ් මරණය ලෙස එය වාර්තා වී තිබේ.
 මතුගම පදිංචිව සිටි ඇය 53 හැවිරිදි දෙදරු මවකි.
ඇය කොවිඩ් ආසාදනය වීමෙන් පසුව මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (19දා) උදෑසන මියගොස් තිබේ.
 මේ අතර මාවනැල්ල රෝහලේ ගිලන් රථ රියදුරු සුසිල් මහතාද කොරෝනා ආසාදනයෙන් ඊයේ ජීවිතයට සමුදුන් බව වාර්තා විය. ඔහු කොරෝනා ආසාදිතයින් රැගෙන යාමේ ප්‍රවාහන කටයුතු වලටද දායකවූවෙකි.