who-research-covid19

නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය පාලනය කළ හැකි නව ඖෂධ තුනක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අත්හදා බැලීම් සිදු කරමීන් සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. 

විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ඇතුළුව ඉදිරියේදී පැමිණිය හැකි නව වෛරස ප්‍රභේද පාලනය සඳහා මෙම ඖෂධ පිළිබදව අවධානය යොමුව තිබේ. මෙහිදී මෙම අත්හදා බැලීම් 'variant of concern" හෙවත් ප්‍රභේද පිළිබද සැලකිල්ල ලෙස නම් කර තිබේ. ඒ අනුව දැනටමත් COVID-19 ආසාදිතව සිටින රෝගීන් සුවපත් කළ හැකි නව ක්‍රම

පිළිබදවද විශේෂඥ විද්‍යාඥයන් පර්යේෂණය කරමින් සිටින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහිදී දැනට රෝහල්ගතව සිටින රෝගීන්ගේ තත්වය යම් තරමකින් හෝ ඉහළ නැංවීමට එම ඖෂධ වෙත අවස්ථාව ඇත්දැයි මෙහිදී අවධානය යොමුව තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අද වනවිට අත්හදා බැලමින් පවතින මෙම ඖෂධ තුන වන්නේ Artesunate, imatinib සහ infliximab ලෙස හඳුනාගෙන ඇත. අද වනවිට ලොව පුරා COVID-19 ආසාදිතව සිටින රෝගීන් 600දෙනෙකුට වැඩි පිරිසක් සදහා මෙම ඖෂධ අත්හදා බලා තිබෙන බවත් පැවසෙයි.

මේ අතරින් Artesunate යනු දරුණු මැලේරියා තත්වයට ලබාදෙන ඖෂධයකි. Imatinib පිළිකා සඳහාද infliximab ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සදහාද ලබා දෙන්නකි.ඒ අනුව දැනටමත් මෙම ඖෂධවල නිෂ්පාදකයන් විසින් අත්හදාබැලීම් සඳහා එම ඖෂධ තෝරාගත් රෝහල් කිහිපයක් වෙත සැපයීම සිදුකර ඇතැයිද සදහන් වෙයි.