විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන් සඳහා ෆයිසර් එන්නත් ලබාදීම ලබන සතියේ ආරම්භ කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
පාසල් දරුවන් සඳහා ලබාදීමට අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 4ක් ලබන මාසයේ මෙරටට ගෙන්වීමට නියමිතය.
රජයේ අවදානය යොමුව ඇත්තේ මුලින් වයස 17-19 සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ටත් පසුව වයස 12-17 ඉතිරි පිරිසටත් එන්නත් ලබාදීමය.
මේ අතර පාසල් ළමුන් එන්නත්කරණය සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව තාක්ෂණික කමිටු වාර්තාව සැප්තැම්බර් මස 17 වන සිකුරාදා වන විට ජනාධිපති කාර්ය සාධක බලකායට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසා ඇත.
පාසල් දරුවන්ට ෆයිසර් එන්නත ලබාදිය යුතු බව ඔහු සඳහන් කරන අතර දරුවන් එන්නත්කරණය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වැඩිහිටි විශේෂඥවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කිසිදු හානියක් නොවන ලෙස විද්‍යාත්මකව සිදු කළ යුතු බව ඔහු කීය.
එසේම පාසල් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ ගුරුවරු, අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලය, පාසල් ප්‍රවාහනයට සම්බන්ධ පිරිස්, ආපන ශාලාවලට සම්බන්ධ පිරිස් ඇතුළු පාසල් අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු සිදුකිරීමට මෙහිදී සැලසුම් කර තිබෙයි.
අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි සඳහන් කරන්නේ සිසුන් 50 ට අඩු පාසල් ඉක්මණින් ඇරඹීමට සැලසුම් කර ඇති බවය.
අනතුරුව ක්‍රමානුකූලව සිසුන් වැඩිපුර සිටින පාසල් දක්වා පාසල් විවෘත කිරීමේ ක්‍රමවේදය එන්නත්කරණයට සමගාමීව වැඩිදියුණු කිරීමටය.
0 Comments