තමාට ලැබී තිබෙන උපදෙස් අනුව ඔක්තෝබර් 01 රට යලි විවෘත වනු ඇත්තේ අන්තර් පලාත් ගමනාගමන සීමා තවදුරටත් පවත්වාගනිමින් බවත් ඒ අනුව සතිදෙකක කාලයක් එය පවතින බවට ආරංචි පවතින බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. 


මේ හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් ඔක්තෝබර් 14 දින දක්වාම කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය ඇමතිදන්වා සිටියේය.
එසේම 01 වනදා සිට බස් ධාවනය වුවත් 14 දක්වා අන්තර් පලාත් බස් ධාවනය නොවනු ඇතැයිද ඔහු අනාවරණය කළේය.