මෙම දෙන්නා වාර්තා පොතට ඇතුළුවන්නේ ඊට පෙර දෙන්නෙකු තබා තිබූ වාර්තාව අභිබවා යාමෙනි. එයද ජපන් වාර්තාවක් වන අතරජපානයේ සියවස් ගණනාවක නිවුන් සහෝදරියන් වූ කිං නරිටා සහ ජින් කනි මීට පෙර
ඔවුන්ගේ වයස අවුරුදු 107 දින 175 ක් අනුව මෙම වාර්තාව තබා තිබුණි. නමුත් නරීටා 2000 දී සහ කේනි 2001 දී මිය ගියාය.
ඒකාබද්ධ ඡායාරූපයෙහි දැක්වෙන්නේ නව වාර්තා තැබූ උමේනෝ සුමියාමා සහ කොමේ කෝඩමා ය.
කිං-සැන් සහ ජින්-සැන් යන නමින් ජපානයේ මහජනයා අතර ප්‍රකට මෙම සහෝදරියන් ජපානයේ බොහෝ රූපවාහිනී වැඩසටහන් වල සහ වෙළඳ දැන්වීම් වල ද පෙනී සිටියහ.
සුමියාමා සහ කෝඩමා උපත ලැබුවේ 1913 නොවැම්බර් 5 වන දින, කගාවා ප්‍රාන්තයේ ෂෝඩෝ දූපතේ, සහෝදර සහෝදරියන් 11 දෙනෙකුගෙන් තුන්වන හා හතරවන ස්ථානයේ ය. ප්‍රාථමික පාසලෙන් පසු ඔවුන් වෙන වෙනම ජීවත් වූ නමුත් 70 ගණන් වලදී දෙන්නා එක්ව ෂිකෝකු දූපතේ පිහිටි විහාරස්ථාන 88 වෙත වන්දනා ගමනක් ආරම්භ කිරීම නිසා ප්‍රසිද්ධ විය.
ගිනස් ලෝක වාර්තා වලට අනුව නරිටා සහ කේනි තැබූ වාර්තාව ඉලක්ක කර ගැනීම ගැන ඔවුන් අතීතයේදී විහිළු කර ඇත.
සහෝදරියන් ජීවත් වන්නේ වෙනම වැඩිහිටි නිවාස වල ය. මතක ශක්තියෙන් පීඩා විඳින කෝමියාමාට මෙම සම්මානය තේරුම් ගැනීමට අපහසු වුවද, එම ආයතනයේ සේවකයින්ගෙන් දැනගත් වෙලාවේ සුමියම්මා කඳුළු සැලූ බව ගිනස් වාර්තා සමාගම දන්වා තිබේ.
ලොව වැඩිම වයස්ගත ජනගහනයක් සිටින ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව 86,510 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
<
0 Comments