කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ්19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම 6 වනදා සිට සිට ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ක් 6 වයස් කාණ්ඩයේ දරුවන් සදහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට කියුබාවය.
ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්, මිලියන 11.2ක ජගහනයක් වෙසෙන, කොමියුනිස්ට් රාජ්‍යයක් ද වන කියුබාව, එරට වැසියන් සඳහා ලබා දෙන්නේ එරට විද්‍යාඥයන් එරට තාක්ෂණය යොදා ගනිමින් නිපදවු. 'කොවිඩ් 19' එන්නතය.
කියුබානු විද්‍යාඥයන් 'කොවිඩ් 19'වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් නිපදවා ඇති අතර ඒවා ඉතා සාර්ථක බව පැවැසෙයි. එම එන්නත් නම් කර ඇත්තේ 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනුවෙනි. මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණ කිසිවක් මෙතෙක් සිදුවී නැති අතර, ලෝක සෞඛ්‍යා සංවිධානයේ අවධානය පවා යොමු වී නැත. 'අබ්ඩාලා සහ 'සොබර්නා' යනු ලතින් ඇමෙරිකා කලාපීය රටක නිර්මාණය කළ පළමු එන්නත් දෙකය. කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් කියුබාවේ පාසල් 2020 මාර්තුවේ සිට වසා දමා තිබේ. දරුවන් සියලු දෙනාට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි සුපුරුදු පරිදි කරගෙන යැමට කියුබානු රජය බලාපොරොත්තු වෙයි.
'අබ්ඩාලා සහ 'සොබර්නා' එන්නත් කුඩා දරුවන්ට ලබා දීම ආරම්භ වූයේ එම එන්නත් සම්බන්ධයෙන් සිදු කළ සියලු සායනික අදා බැලීම් සාරිරික වුණු බැවින් යැයි කියුබානු සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් නිවේදනයක. දැක්වෙයි. කියුබාව ‘කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වුණු රාජ්‍යයකි. එරටින් වාර්තා වන 'කොවිඩ් 19' මරණ ගණන 5,700 කි. සමස්ත ආසාදිතයන් වාර්තා වන්නේ 6,96,904 ක් ලෙසිනි.
'කොවිඩ් 19’ ආසාදනය වී 'සුවය ලැබූ ගණන 6,53,102 කි. මේ වනවිටත් ලොව රටවල් කීපයක්, දරුවන්ට එන්නත් ලබා දීම සිදු කරයි. එම රටවල් එන්නත් ලබා දෙන්නේ අවුරුදු 12 ට වැඩි දරුවන්ට පමණි.
එසේ ලබා දෙන්නේ ද ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්'එන්නතය. ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය, එරට අවුරුදු 6 ත් 12ත් අතර දරුවන් සඳහා චීනයේ නිෂ්පාදිත 'සිනොවැක් 'එන්නත සුදුසු බවට නිර්දේශයක් ලබා දුන්නේය. චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, වෙනිසියුලාව ද අවුරුදු 6 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීමට සුදානමින් සිටී.
0 Comments