covid for 28 out of 30 who went to Olumaduwa funeral

වවුනියාව, ඕලුමඩුව, පට්ටෙයිපිරන්දකුලම් ප්‍රදේශයේ නිවසක පැවැති අවමංගල්‍ය කටයුත්තක් සඳහා සහභාගි වූ පුද්ගලයන් 28දෙනෙකු කෝවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.  ඕලුමඩුව,පට්ටෙයිපිරන්දකුලම් ගම්මානයේ නිවසක එම අවමංගල්‍ය උත්සවය පසුගිය 24වැනිදා පවත්වා ඇති අතර,

ඒ සඳහා සහභාගි වූ පුද්ගලයන් 30 දෙනාගෙන් 28දෙනෙකුම කෝවිඩ්-19 ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. අවමංගල්‍ය උත්සවය. පැවැති නිවසේ පුද්ගලයන් දෙදෙනෙකුට හදිසියේ ඇති වූ උණ තත්වයක් මත වවුනියාව, පුලියන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදුකරන ලද පී.සී.ආර්.පසු පරීක්ෂණවලින් ඔවුන් කෝවිඩ්-19 ආසාදිතයන් ලෙස හඳුනාගැනුණි. පසුව අනාවරණය කරගත් තොරතුරු මත අදාළ නිවසේ පැවැති අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගි වී සිටි පුද්ගලයන් 30දෙනෙකුට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර, එහිදී මුල් දෙදෙනාද සමගින් මෙම ආසාදිතයන් 28දෙනා හඳුනාගෙන ඇත. මේ අනුව අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවද, ඔවුන් සොයා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද වවුනියාව මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරි වැඩිදුරටත් පැවසූහ.

(වවුනියාව මධුෂංඛ අමරසිංහ)