ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (17) දිනය තුළ රුපියල් බිලියන 45.95 මුදල් තොගයක් අලුතින් වෙළෙඳපොළට මුද්‍රණය කර මුදා හැර තිබේ.




අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට මෙම මුදල් තොගය ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කර  ඇතැයි වාර්තා විය.
මෑත කාලයේ අවස්තා කිහිපයක මුදල් අච්චු ගැසීමට ආන්ඩුව කටයුතු කළ අතර ඒ නිසා උද්ධමනය ඉහළ ගොස් ඇති නමුත් කබ්රාල් මහතා පවසන්නේ තමන්ට ඉදිරියට එන මූල්‍ය ගැටලු කළමනාකරණයට හැකියාව පවතින බවයි.

මීට දින කිහිපයකට පෙර ජාත්‍යන්තර බ්ලූම්බර්ග් පුවත් සේවය සමග සම්මුඛ සාකච්චාවකදී ඔහු පැවසුවේ උද්ධමනය සියයට 6 දක්වා ඉහළ ගියත් තමන්ට පාලනය කළ හැකි බවයි. අච්චු ගසන මුදල් නැවත රජය වෙත අද්දවා ගැනීමේ සැලසුමක් ඇති බව ඔහු කියූ මුත් ඒ කවරාකාරයටදැයි හෙළි කර නැත.

පෙර විස්තරය
ඉදිරි දිනවල මුද්‍රණය කළ මුදල් අපි ආපසු ඇද ගන්නවා - කබ්රාල් බ්ලූම්බර්ග් වෙත කියයි