Pfizer BioNTech යන සමාගම් එක්ව ඉදිරිපත් කර ඇති COVID-19මර්දන එන්නත වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන් සදහා සුරක්ෂිත බව තහවුරු වී ඇතැයි පර්යේෂණ ඇසුරින් ඔවුන් පවසා තිබේ.
විශේෂයෙන්ම ආසන්න කාලසීමාවේදී ලොව පුරා දරුවන් අතර මෙම COVID-19 වෛරසය වේගයෙන් ව්‍යාප්තවීම ඒ සදහා වන පරීක්ෂණ වැඩි කිරීමට හේතුව වූ බව කියා තිබේ.
ඒ අනුව ඉදිරියේදී මෙම එන්නත එක්සත් ජනපදය තුළ අවුරුදු 5ත් 11ත් අතර දරුවන්ට ලබාදීම සදහා අනුමැතිය බලාපොරොත්තු වන බවද එම සමාගම සදහන් කර තිබේ.
එසේම යුරෝපය තුළ හෝ වෙනත් ඕනෑම රටක් තුළදී එම අවස්ථාව හැකි ඉක්මනින්ම ලබාගැනීමටද කටයුතු කරන බවද එම සමාගම් පෙන්වා දෙයි. සමාගම් දෙකම සදහන් කරන ආකාරයට මෙම එන්නත මගින් වයස අවුරුදු 5ත් 11ත් අතර දරුවන් තුළ COVID-19 වෛරයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය වන බව පැවසෙයි.
එහිදී දැනට මෙම වයස් කාඩයේ දරුවන් සඳහා සිදු කර ඇති අදියර II සහ අදියර III සායනික පරික්ෂාවන්හිදී, එම එන්නත ලබාදුන් වයස අවුරුදු 16 සිට 25 දක්වා වූ පිරිස තුළ ගොඩනැගෙන ප්රතිශක්තිකරණයටම සමාන බවත් කියැවේ. එසේම එම එන්නත් සුරක්ෂිත බව වැඩිහිටි වයස් කාඩය වෙත ලබාදුන් එන්නත් පැවැති සුරක්ෂිත බව හා සමාන බවද සඳහන් කර ඇත.
0 Comments