රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 602ක් සමග සැකකරුවන් තිදෙනෙකු පෙරේදා (30දා) විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.වයස අවුරුදු 21,43, 45 හැවිරිදි වියේ පසුවන ගම්පහ, වැල්ලම්පිටිය හා වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.ලද තොරතුරක් මත සීදූව,
ඒකල, පන්සල පාර ප්‍රදේශයේදී පෙරේදා (30දා) සවස යතුරු පැදියකින් ගමන් කළ දෙදෙනෙකු පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 60ක් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගනු ලැබ තිබේ. එහිදී සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සීදුව ලියනගේල්මුල්ල ප්‍රදේශයේ එම සැකකරුවන් නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරය තුළ තිබී තවත් 500 ව්‍යාජ නෝට්ටු 542ක් සමග එම ව්‍යාජ නෝට්ටු සැකසු ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ ජංගම දුරකථන 03ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මේ සඳහා සහාය වූ තවත් පුද්ගලයෙකුද වේයන්ගොඩ, රුක්මලේ අංගම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් විසින් ඉතා සූක්ෂම ලෙස අනුක්‍රමික අංක සහිතව සකස් කළ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සීදූව, ගම්පහ, වත්තල, ජා-ඇළ ප්‍රදේශවල සංසරණයට ලබාදී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරික්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයට භාරදී තිබේ.
(දෙල්ගොඩ - සුදත් පුබුදු කීර්තී)
0 Comments