සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල රාජකාරී කටයුතුවල නිරත වූ ගුරුවරුන් සදහා ලබාදෙන රුපියල් 5000 දීමනාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ චක්‍රලේඛයේ සදහන් නිර්ණායකවලට අදාළව ගෙවනු ලබන මුදලක් පිළිබද කිසිදු සඳහනක් නොමැති බවත්, එවැන්නක් පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලේඛනයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසයි. එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අසේල සංජීව මහතා පැවසුවේ, එම රුපියල් 5000 ලබාගැනීමට සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරි කරන ලද ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අවස්ථාව සැලසී ඇති බැවින්, නැවත වරක් ඉල්ලීම් කිරීමට හෝ ලිපිලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු සිදු කළේ නම් ඒවායෙහි සබැදි අදාළ ශ්‍රේණි ප්‍රධානීන්ට හෝ සහකාර නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට දන්වා යැවීම ප්‍රමාණවත් බවත්, විදුහල්පතිවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා ඉල්ලීම් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් උපසභාපතිවරයා දන්වා සිටියි. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරී කටයුතුවල නිරත වුවද රුපියල් 5000 ලබාගැනීමට අදහස් නොකරන ගුරුවරුන් ඒ බව ලිඛිතව විදුහල්පතිවරයාට දැන්විය යුතු බවද ඒ මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් කිසිදු අවස්ථාවක ලේඛන සකස් කිරිම සදහා මෙපමණ මුදලක්ද ,
ආදී වශයෙන් නිර්ණායකවලට අදාළව ලබාදිය යුතු මුදල් සම්බන්ධයෙන් කිසිදු චක්‍රලේඛයක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවද හෙතෙම සඳහන් කරයි. එලෙස විවිධ මිල ගණන් ලබාදෙන බව දන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සසරණිය වන නිර්ණායක ලේඛනය ව්‍යාජ ලියවිල්ලක් බවද ඒ මහතා පවසයි.
0 Comments