වැලිගම ප්‍රාදේශීය සභාව මින් පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියක මුදලින් 2014 වර්ෂයේ වැලිගම වරකපිටිය ප්‍රදේශයේ වැඩ ආරම්භ කෙරුණ "නිසල අරණ" ආදාහනාගාරය සහ අවමංගල්‍ය ශාලාව ජනතා අයිතියට පත් කිරීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන් මන්ත්‍රී වීරසුමන විරසිංහ, කරුණාසේන කොඩිතුවක්කු සහ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 18 වැනිදා පෙරවරුවේ දී සිදු කෙරිණි.
කෙසේ නමුත් මෙහි සඳහන් සමරු ඵලකයේ ජනාධිපති, අගමැති සහ කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නම් පනස් එකක් සඳහන් වේ. මෙහිදී වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මන්ත්‍රීවරුන්ගේ නම් සහ මන්ත්‍රී හිමිවරු දෙපළකගේ සහ රාජ්‍ය නිලධාරීන් අතර දකුණු පළාත් කොමසාරිස්වරයාගේ නම ද ඒ අතර සඳහන් වේ.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාවට ලක් වූ කාරණාවක් බවට පත්ව තිබේ. මහජන අරමුදලින් ඉංජිනේරු සමාගමට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට සමරු තිළිණ ලබා දීම ගැනද කතාවේ.
0 Comments