මොරටුව අඟුලාන වෙරළාසන්නයේ පදිංචිව සිටින ජනතාව අද (12) උදෑසන කලබලයට පත්වූ සිදුවීමක් වාර්තාවේ.
මෙයට හේතුවී ඇත්තේ ‘මුහුද ආපස්සට ගොස් ඇති බවට‘ කිසියම් පිරිසක් ගෙන ගිය ප්‍රචාරය නිසා සුනාමි බියක් හට ගැනීමයි.
මේ හේතුවෙන් තමන්ගේ නිවෙස්වල වටිනා කියන භාණ්ඩ මලුවල අසුරාගෙන විශාල පිරිසක් නිවෙස් අතහැර ගොඩබිම් කලාපයට පළායමින් සිටින බව වාර්තා විය.
කෙසේ වෙතත් මේ ගැන පොලිසිය පවසන්නේ අසත්‍ය ප්‍රචාරයකට නිකරුනේ රැවටී ජනතාව කලබලවී ඇති බවත් එවැනි කාලගුණ තත්වයක් තහවුරු කර නැති බවත්ය.
0 Comments