Bob-Marley-who-was-wanted,-was-caught-in-Elpitiya

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බැවින් හසුකරගැනීමට අවශ්‍ය බවට ඊයේ පොලිසිය වරෙන්තු නිවේදන නිකුත් කළ බොබ් මාලිසමැති සැකකරු අද දින ඇල්පිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට හසුව අත්අඩංගුවට ගෙන ඇත.




බේරුවල මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක සිටි සැකකරුවන්‌ 05 දෙනෙකු සමග අත්අඩංගුවට ගත් කිලෝ 288 ක හෙරොයින්‌ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට මෙරට සිට මෙහෙයවු ප්‍රධාන සැකකරු බවට සැකකරනු ලබන මොහු
පොලිසිය මහ හරිමින්‌ සිටින බව පෙනීයන නිසා රාජ්‍ය බුද්ධි අංශය, ශ්‍රි ලංකා නාවික හමුදාව සහ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යංශය විසින්‌ ඔහුව සොයමින් සිටි අතර මහජන නිවේදනද නිකුත් කර අද අත්අඩංගුවට පත්විය.
කළුදුර චමින්ද තාබ්‍රේවච්‌ නොහොත්‌ බොබ්‌ මාලි නමැති ඔහු  ලෝකප්‍රකට ගායකයාගේ පෙනුමට සමාන නිසා බොම් මාලී ලෙස කියැවුණ බව පැවසේ.
මාලඹේ සහ බත්තරමුල්ල යන ලිපිනවල පදිංචිව සිටි අවුරුදු 41 ක් වන රැකියාව ලෙස බහුදින යාත්‍රා නියමුවරයෙක් ලෙස කටයුතු කළ අයෙකි.