Britain-loses-Tokyo-4x100m-relay-silver-medal-for-taking-banned-drugs

නිමාවට පත්වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 4x100 රිලේ රිදී පදක්කමට උරුමකම් කිව්වේ බ්‍රිතාන්‍යය නියෝජනය කළ 4 දෙනාගෙන් යුතු කණ්ඩායම වූ අතර එම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුවූ සීජේ උජාගෙන් ලබාගත් උපස්ථ සාම්පලයක් තුළ තහනම් ද්‍රව්‍ය  ධනාත්මක බව තහවුරුවීම නිසා එම පදක්කම බ්‍රිතාන්‍යයට අහිමිවී යාමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


රිලේ කණ්ඩායමේ අනෙක් අය වූයේ ෂාර්නල් හියුස්, රිචඩ් කිල්ටි සහ නෙතනීල් මිචෙල් -බ්ලේක් ය.
මේ අය සියල්ලන්ට වෙනවෙනම රිදී පදක්කම් හිමිවුවද මෙම තහනම් උත්තේජක ගැටලුව නිසා  ඔවුන් සෑම දෙනාටම තම ඔලිම්පික් පදක්කම් අහිමි විය හැකිය.
සාම්පල පරීක්ෂාව අනුව මෙම වංචාව හඳුනාගත් පසු ඔලිම්පික් නීති රීති අනුව ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීමට ක්‍රීඩකයාට අවස්ථාවක් ලබා දීම සිදුවේ. ඒ සඳහා උජා ක්‍රීඩා තහනම් උත්තේජක මර්දන අංශයේ බේරුම්කරණ අධිකරණය හමුවේ නඩු විභාගයකට මුහුණ දෙනු ඇත.
මෙම සාම්පල පරීක්ෂාව දැනට දෙවරක් කර ඇති අතර ඒ දෙවාරයේම උජා අසමත් විය.
ජාත්‍යන්තර පරීක්ෂණ ඒජන්සිය තහවුරු කළේ බී සාම්පල විශ්ලේෂණය සිදු කළේ මලල ක්‍රීඩකයා දෙවන පරීක්ෂණය සඳහා ඉල්ලීමක් කිරීමෙන් පසුව බවයි.
ටෝකියෝවේ තරඟ කිරීමෙන් පසු ගන්නා ලද උජාගේ පළමු සාම්පලයේ ඔස්ටරීන් සහ එස් -23 ලෙස හැඳින්වෙන තහනම් මාංශ පේශි ගොඩනැගීමේ ද්‍රව්‍ය දෙකක් තිබී සොයා ගන්නා ලදී.



උජා සහ ඔහුගේ රිලේ කණ්ඩායමට මුහුණ පෑමට සිදු විය හැකි සම්බාධක පිළිබඳව තරඟ නීති පැහැදිලිව දක්වා තිබෙයි. ඒ මෙසේය.
“තහනම් උත්තේජක නීතිය උල්ලංඝනය කළ ක්‍රීඩකයා රිලේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තරඟ කළ විට, රිලේ කණ්ඩායම අදාළ සිදුවීමෙන් ස්වයංක්‍රීයව නුසුදුස්සෙකු වනු ඇත. , සියළුම පදවි නාම, සම්මාන, පදක්කම්, ලකුණු සහ ත්‍යාග හා පෙනුමේ මුදල් අහිමි වීම රිලේ කණ්ඩායමට ඇති විය හැකි ප්‍රතිවිපාකයි. "

ක්‍රීඩා සඳහා බේරුම්කරණ අධිකරණ නඩුව ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දුන් පසු  මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය විසින් අවසාන දැනුම්දීම සිදු කර පදක්කම් ගැලවීම සිදුකරනු ඇත.
 


ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 4x100 රිලේ  රන් පදක්කම ඉතාලිය විසින්ද රිදී පදක්කම බ්‍රිතාන්‍යය විසින්ද ලෝකඩ පදක්කම කැනඩාව විසින්ද දිනාගන්නා ලදි. 4 වැනි තැනට පත්වූයේ චීන කණ්ඩායමයි.
ඒ අනුව බ්‍රිතාන්‍යයට අයත් රිදී පදක්කම අහිමිවී යාමෙන් පසු කැනඩාව රිදී පදක්කමටත් චීනය ලෝකඩ පදක්කමටත් අලුතින් හිමිකම් කියනු ඇත.
(ස්කයි නිවුස් ඇසුරිනි -  gossiplankanews.com )