CCTV-was-not-installed-in-Welikada-and-Anuradhapura-prisons

ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමතිවරයා බන්ධනාගාරයට ගොස් සිදු කළ ක්‍රියාවන් සම්බන්ධ පරීක්ෂණ පවත්වද්දී  අත්‍යන්තයෙන්ම වැදගත් විය හැකි සාධක දෙකක් නිෂ්ක්‍රීය බව මේ වනවිට වාර්තාවේ.
ඒ නම් ඇමතිවරයාගේ විනය විරෝධී හැසිරීම් සිදුවූ බවට සැලකෙන ස්ථානවල සීසීටීවී වාර්තාවන් නොමැතිවීමය.
වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ හෝ අනුරාධපුර බන්ධනාගාරයේ සී සී ටී වී කැමරා පද්ධති සවිකර නැතැයි බන්ධනාගාර මූලස්ථානයෙන් සිදු කළ විමසීමකදී පවසා තිබේ. 

බූස්ස, අගුණකොළපැළැස්ස සහ කළුතර  බන්ධනාගාරවල සීසීටීවී පද්ධති ඇතත් වැලිකඩට හා අනුරපුරට ඒවා සවිකර නැති බව පැවසිණි.
මීට ටික කලකට පෙර වැලිකඩට ඒවා සවිකිරීමේ උත්සාහයක් මෙකී බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා විසින්ම ගෙන ආ අතර මිල ගණන් කැඳවීමක් කළ බවට මාධ්‍ය වාර්තා පළ විය.
සීසීටීවී පද්ධතියක් සවිකිරීම ඉතා පහසුවෙන් සිදු කළ හැකි දෙයක් වුවත් මෙම කටයුත්ත කාලාන්තරයක් තිස්සේ හිතාමතා පැහැර හැර ඇත්තේ බන්ධනාගාරය ඇතුළත සිටින ප්‍රබල බලවන්තයන්ගේ සහායකයින් සිදු කරන අයථා කටයුතු වලට බාධා පවතින නිසා ඔවුන් කළ බලපෑම් හේතුවෙනි.

මේ අනුව බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් සිදුකරනු ලැබූ බව කියන සිද්ධියට අදාළව විමර්ශනයේදී බන්ධනාගාරය ඇතුළත සී සී ටී වී දර්ශන මේ නිසා උපයෝගී කරගත නොහැකිව ඇත.

කෙසේ නමුත් බන්ධනාගාරයෙන් පිටත සීසීටීවී සාක්ෂි මෙන්ම බන්ධනාගාරය ඇතුළත නිලධාරීන්ගේ හා හිංසනයට ලක්වූ අයගේ සාක්ෂි තවමත් නිරුපද්‍රිතය.

සම්බන්ධිත මත විමසුම
සිරකරු දිනයේ බන්ධනාගාර සීසීටීවී දර්ශන වලට කුමක් විය හැකිද? (මත විමසුම)