Covid-injection-free-form-photocopied-and-sold-for-10s

කොරෝනා එන්නත ලබාගැනීම සඳහා කිසිදු ආකාරයක ගාස්තුවක් රජය අයනොකරන පසුබිමක එ් සඳහා පෝලිස් ගැසී සිටින අය රවටා මුදල් අයකරගැනීමේ ජාවාරමක් ගැන රාජාංගෂය ප්‍රෙද්ශයෙන් වාර්තාවේ.
එන්නත්කරණ මධ්‍යස්ථානවලින් ලබාදෙන කොවිඩ්  එන්නත සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ  පෝරම ආකාරයේ හිස් පෝරමයක්  හොර රහසේ පොටෝ  කොපි ගසා 

පොලිම් වල සිටින අයට එයව මිලට ගතයුතු දෙයක් බවට අඟවා රුපියල් 10 ගානේ විකුණා විශාල ලාභයක් ලැබීමට එක්තරා පිරිසක් කටයුතු කර තිබී ඇති අතර මේ බව


රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුෂ්ක අනුරාධ මහතා රාජාංගණය පොලිසියට ඊයේ (8 වැනිදා) පැමිණිලි කරන ලදි.
 කොවිඩ් එන්නත් ලබාගැනීම සදහා 2500 කට අධික පිරිසක් ඊයේ (8 වැනිදා) රාජාංගනය යාය 10 පාසලට පැමිණ සිටි අවස්තාවේ ඉන් 1500ක් පමණ දෙනා අතේ මෙම පෝරමය  තිබී ඇති අතර එවැන්නක් මිලට ගත්තේ ඇයිදැයි වෛද්‍යවරයාට ප්‍රහේලිකාවක් වී තිබේ. මන්දයත් එන්නතට ලියාපදිංචි කරන අවස්ථාවේදී එම පෝරමය නොමිලේ ලබාදෙන බැවිනි.
නමුත් කිසියම් පිරිසක් පෝලිමේ සිටි සියලු දෙනාට මෙය අත්‍යවශ්‍ය බව දක්වමින් අලෙවි කළ බව පසුව අනාවරණයවී ඇත. පෝරමය රුපියල් 10ක මුදලකට මිනිසුන් ආර්ථිකයෙන් මිරිකී සිටින වේලාවක ව්‍යාජ ගසාකෑමක් සිදුව ඇති බවට වෛද්‍යවරයවා කළ පැමිනිල්ල අනුව එම ජාවාරම කළ අයෙ සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.