සමුගත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා 2018 වසරේ රූපවාහිනී නාලිකාවකට පැමිණ දැක්වූ අදහස් කිහිපයක් පහතින් පළවේ.
සුනිල් අයියේ ඔබගේ ගම කොහෙද?
මගේ උපන් ගම මොරටුව.
කොයි අවුරුද්දෙද ඉපදුනේ?
1952
සම්පූර්ණ නම මොකක්ද?
අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා. ඒ දවස් වල එහෙම තමයි නම් දැම්මේ. පිට රට සුද්දොන්ට නම් තියෙන්නේ first name, middle name කියලා. අපේ ඔය ගානට බේරිච්ච එක ලොකු දෙයක්. අර ගේ නමත් ආවා නම් එහෙම ඕක ලොකු හෙන වැල් වටාරමක් වෙනවා. පිටරට යන්න ගියාම ෆෝම් පුරවන්න ගියාම පිස්සු හැදෙනවා. ඒක හින්දා හොඳ වෙලාවට නම් තුනෙන් බේරුනේ. ඉස්සර මොකද සිංහල නමක් දානවා, ඉංග්‍රීසි නමක් දානවා, කතෝලිකයන් නම් අර සාන්තුවරයෙක්ගේ දනමකුත් දානවා.. ඉතින් අයිවො කියන්නේ සුද්දෙක්ගෙ නම්. ඉස්සර මම දන්නේ හිටියලු කොළඹ යුනිවර්සිටි එකේ කවුද සුද්දෙක් බොහොම වැදගත් මහත්තයෙක්.
ඉතිං ඒ මහත්තයාගේ නම අයිවෝ හින්දා මටත් අයිවෝ කියලා දාලා තියෙනවා. එතකොට සිල්වෙස්ටර් කියන්නේ ශාන්තුවරයෙක්ගෙ නමක්. සැප්තැම්බර් මාසේට ආවේණිකව මං හිතන්නේ ඒ ශාන්තුවරයාගේ යම්කිසි බැඳීමක් තියෙනවා.. සුනිල් කියන්නේ සිංහල නමක්. ආයිවො සිල්වෙස්ටර් සුනිල්. ගේ නමත් ආවා නම් උස්වත්ත ලියනගේ අයිවෝ සිල්වෙස්ටර් සුනිල් පෙරේරා. ඉතින් නම් කීයක්ද. දැනට ඔය 3 නුත් එකක් මම අයින් කර ගන්න හදන්නේ. ඒත් දැන් වැඩක් නෑ වයසට ගිහිල්ලා හින්දා පරක්කුයි.
රටම දන්නේ සුනිල් පෙරේරා කියලා සුනිල් පෙරේරා කොහෙද ඉස්කෝලේ ගියේ?
මම ඉස්කෝලේ දෙකකට ගියා. මුලින්ම ගියේ මොරටුව ශාන්ත සෙබස්තියන් college එකට. ඊට පස්සේ එතනින් අයින් වුණා හතරවෙනි පන්තියේදී. හතරවෙනි පන්තියේ ඉඳන් ඕලෙවල් වෙනකන් ගියේ සාන්තර පීතර බම්බලපිටියේ.
ඉස්කෝලෙ යන කාලෙ දක්ෂ ළමයෙක් ද?
හැම අතින්ම දුර්වල ළමයෙක්.. කිසිම දේකින් ඉස්කෝලේ යන කාලේ ශක්තියක් ලබන්න හම්බවුණේ නෑ. මොකද බොහොම දුර්වලයි.
තාත්තට සල්ලි තිබ්බද ඒ කාලේ?
තාත්තට සල්ලි හම්බ උනා අපි අවුරුදු හත,අට වගේ වෙනකොට.. ඊට ඉස්සෙල්ලා තාත්තා රජයේ සේවකයෙක් තැපැල් දෙපාර්තමේන්තුව වැඩ කෙරුවේ. තැපැල් දෙපාර්තමේන්තුවේත් ලොකු රස්සාවක් නෙමේ කෙරුවෙ ක්ලාක් කෙනෙක් තාත්තා. ඉතින් මොකද ඒක බොහොම සුළු කාලයක් ඒතන තාත්තා හිටියේ. අම්මට තාමත් හම්බෙන පෙන්ෂන් එක ඇවිල්ලා රුපියල් තුන්දාහක් හරි තුන්දාහට පොඩ්ඩක් අඩුයි.සල්ලි හම්බ උනේ තාත්තා බිස්නස් කරන්න පටන් ගත්තට පස්සේ. එකෙන් පස්සෙ තමයි ඔහුට යම්කිසි ශක්තියක් ලැබුනේ.
එතකොට බිස්නස් වලින් දියුණු වෙන මිනිහෙක්ගේ පුතෙක්. එතකොට සුනිල් පෙරේරා අතෙත් සල්ලි තිබුණ ද?
කොහෙත්ම තිබුණෙ නැහැ. තාත්තා එහෙම සල්ලි අපිට දුන්නෙත් නැහැ. අනිත් ළමයි අපිට වැඩිය සල්ලි අරගෙන එනවා ඉස්කෝලෙ එනකොට. මොකක් හරි තේ එකක් හරි ගන්න ඕන සල්ලි විතරයි අපිට දෙන්නේ. ඊට අමතරව වෙන කිසිම දෙයක් දෙන්නේ නැහැ .තාත්තා හරිම සැරයි. ඒත් එක්කම ළමයින්ට ඕන ඕන විදියට කිසි දෙයක් කරන්න දෙන්න ඕනෙ නෑ කියන තර්කෙ තමයි හිටියෙ. හැබැයි ඉතින් දොස් කියන්න බෑ ඒ කාලේ හැටියට.. අද කාලේ මගේ පුතා මට ඒ විදියට හදන්න බැහැ අපේ තාත්ත දාපු නීති රීති අනුව.
ඉතින් තාත්තා මට ඇත්තටම පෙනුනේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් හතුරෙක් වගේ තමයි. නමුත් ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ තමයි තේරුනේ තාත්තා අපිට කොච්චර ආදරයක් දෙන්නැද්ද කියලා. තාත්තගේ ක්‍රමය මිසක් අම්මලාට බැ ඒ තාත්තගේ ක්‍රමය වෙනස් කරන්න. ඒකත් කාලේ හැටි. දැන් අපේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන්නේ අපේ නෝනාලාට. ඒත් අපේ අම්මට බෑ. තාත්තා කිව්වොත් කිව්වා. දැන් අපි කිව්වොත් කිව්වා නෙමෙයි නෝනා කිව්වොත් කිව්වනේ..
සුනිල් එපා එක කරන්න එපා කිව්වම අපි එක අහනවා.. හැබැයි ඒක බොහොම ලස්සනයි මම දකින විදියට. දෙන්නටම යම්කිසි සබඳතාවක් ඇති වෙලා පවුලක් කියන එකක් ගොඩනඟා ගන්න දෙන්නෙකුගේ ඒ ශක්තිය ඇති වෙන්න ඕනෙ. ඉතිං මම විශ්වාස කරනවා මගේ බිරිඳගෙන් එක්ක මගේ තියෙන සබදතාව ඉතාම හොඳයි. මම බැඳල දැන් අවුරුදු 36ක්. තාමත් කිට්ටුයි මම. මගේ බිරිඳ මට වඩා හුඟක් බාලයි. ඇය මට වඩා ගොඩක් බාල වුණාට අදටත් අවවාද අරවා මේවා අනුශාසනා ඇත්ත වශයෙන්ම මගේ දෙවැනි තාත්තා වගේ මගේ බිරිඳ.
අර ගැටවර සුනිල් පෙරේරා ප්‍රේමවන්තයෙක් එහෙම වුණා ද?
මම හරි ආසයි ඒත් ඒ ගැහැණු ළමයි මට ආස නෑනේ. නමුත් අපේ අයියට නම් හරියට කෙල්ලො හිටිය තරුණ වයසෙදි අයියා හරි ලස්සනයි. නමුත් ඉතින් මමත් හරි ආසයි මට ප්‍රේමවන්තියක් හිටියනම් කියලා තරුණ වයසෙදි අනෙක වාරයක් හිතලා තියෙනවා. නමුත් මට තරුණ ආදරවන්තියක් එහෙම හිටියෙ නැහැ. ඒ පැත්තෙනුත් දුර්වලයි. කසාද බැන්දට පස්සේ තමයි එහෙන් මෙහෙන් යන ඒවාඑහෙම දැක්කෙ. ඒත් කසාද බැන්දට පස්සේ too late නේ. කසාද බැන්දට පස්සෙත් අවුරුදු දහයක් විතර ගියාට පස්සේ දහයකුත් නෑ අවුරුදු අටක් විතර ගියාට පස්සේ පොඩි පොඩි කතන්දර තිබුණා..
දැනට අවුරුදු විසි තුනකට උඩදි මම අසනීප උනා ඇමරිකාවට ගිහිල්ලා . bypass surgery එකක් කරන්න වුණා මට. ඒ surgery එකත් එක්කම මම හිතේ තියා ගත්තා මීට පස්සේ මගේ නෝනගෙන් පිටස්තරව මම නෝනට දුකක් දෙන්නෙ නෑ කියලා. මට නිකං හිතෙනවා ඒක මට ලැබිච්ච දඩුවමක් වගේ කියලා.. ඉතින් අදටත් මගේ බිරිඳ මගේ හොඳම මිත්‍රයා.. මට බිරිඳට හා සමාන කිට්ටු පුද්ගලයෙක් තාමත් හම්බවෙලා නැහැ.
දැන් එතකොට මේ Music වලට සිරියස් Love කරන්න ගත්තෙ කොයි කාලෙද?
music වලට සීරියස් ලව් කරන්න ඉතින් 1960 ගණන් වලදී මම ඕලෙවල් කරන්න ඉගෙන ගන්න කාලෙ නම් මියුසික් තාත්තා කිව්වේ හැමතිස්සෙම මියුසික් හොඳයි relaxation එකට. උඹ හිතනවනම් මියුසික් වලින් ඉදිරියට යන්න පුළුවන් කියලා උඹ මෝඩයෙක්. මියුසික් කරන උන් හිඟන්නෝ අපේ තාත්තා කිව්වේ. අපේ තාත්තට ඕන කරලා තිබ්බේ මාව දොස්තර කෙනෙක් කරන්න.. ඉතින් මට උසස් පෙළට යන්න ලැබුණෙ නැහැ.. හැබැයි ගියානම් මම මියුසික් වලත් නැහැ. හැබැයි තාත්තා එතනින් පස්සෙ උඹට මියුසික් ද කරන්න ඕනේ කියලා ඇහුවම ඉතින් මම කිව්වා මම මියුසික් වලට ආසයි කියල කිව්වට පස්සේ සම්පූර්ණ සහයෝගය දුන්නා තාත්තා. ඉතින් මම ඉස්කෝලේ band එකේ විතරක් හිටියා. අනිත් හැම දේකින්ම ඉස්කෝලේ කතාව නම් ඉතින් කිසිම දේකින් ජය ගත්තේ නැහැ. හැමදාම පැරදුනා.
ඒ කියන්නේ ගිය ගිය තැන සින්දු කියලා fail වෙන්නේ ඇයි? සින්දු කියන්න බැරි නෑනෙ සුනිල් පෙරේරාට මොනවද කියපු සිංදු?
මම ඉස්කෝලේ යන කාලේ music වලට ගොඩක් ආස නිසා ඒ තිබිච්ච තරඟ වලට මම සම්බන්ධ වුණා.. නමුත් ඉස්කෝලෙ හිටපු සංගීත අංශයෙන් විශේෂයෙන් සෙන් පීටර්ස් එකේ හිටපු සංගීත පැත්තට බර වෙච්ච ලමයින්ගෙ දක්ෂතාවය මට වැඩිය ගොඩක් ඉහළයි.. හැමදේකින්ම පැරදුනා.. නමුත් ඉතින් ඉස්කෝලේ යන කාලෙත් පොඩ්ඩක් කනස්සල්ලක් ඇති වෙන්න ඇති . තාත්තා ගොඩක් බලාපොරොත්තුව තිබුණා මගේ පුතා දිනයි කියලා.
ඒ ජයගත්ත ළමයි අද කොහෙද?
ජයගත්ත ළමයි ගොඩක් උදවිය මියුසික් වල නැහැ. නමුත් පැරදුන මම තාමත් music field එකේ ඉන්නවා.
ඉස්කෝලෙන් අයින් වෙලා කෙලින්ම ජිප්සීස් හදනවද?
ඉස්කෝලෙන් අයින් වෙනකොටම ජිප්සීස් හදනවා. මොකද උසස් අධ්‍යාපනයට මට යන්න ලැබුණෙ නැහැ. එතකොට gypsies නිර්මාණය වෙන්නේ ඒ කාලේ. තාත්තගේ සම්පූර්ණ සහයෝගය තිබුනා.. නම දැම්මේත් තාත්තා. gypsies කියන්නේ අහිකුන්ටකයෝ.
ඔබව කොපි කරනකොට පස්සෙ කාලෙක පරම්පරාවේ තරුණයන් ඔබට මොනවද හිතුණේ?
මගේ ගීතයක් තව කෙනෙක් කියනවා නම් ,මට ඇත්තටම දැනෙන්නේ පුදුම සන්තෝෂයක්. ඉතින් මම ඒකයි මම ගොඩක් ගීත ගොඩක් තරුණ ළමයින්ට අදටත් මම කියලා තියෙන්නෙ ඔයාලා අරගන්න බොහොම සුළු මුදලක් අපි අය කරනවා එහෙම අරගෙන ඔයාට ඕන විදිහට මේ ගීතය අර්ථකථනය කරන්න අන්න එහෙමයි පිටරටවල වෙන්නේ. පිටරටවල් වල ඕනම ගායකයෙක්ගේ ගීතයක් තව කෙනෙක්ට ගායනා කරන්න පුළුවන්.. කොපි රයිට් අනං මනං වලට ගෙවලා, පිළිවෙල ලස්සනට සැකසිලා තියෙනවා. ඉතිං මට ඒ දීලා ගොඩක්ම ගත්තෙ මගේ ආදර සින්දු වගේ ඒව තමයි. ඔබ දුටු ඒ මුල් දිනයේ ඊට පසුකාලීනව මා සතුටින් බව ඒ විදියේ ඔය ආදර ගීත.. පස්සේ ලුනුදෙහි වගේ ගීතත් භාතිය සන්තුෂ් එහෙම කිව්වා. නමුත් මට ශක්තියක් අඩු වුණේ නැහැනේ.. මම විශ්වාස කරන්නේ ඒකයි. තමන්ට ශක්තියක් අඩු වෙන්නේ නැහැ දුන්නයි කියලා තමන්ට තියෙන ශක්තිය අඩුවෙන්නේ නැහැ.. ශක්තිය වැඩිවෙනවා.
සමහරු කියනවා සුනිල් පෙරේරා නිකන් සල්ලි පස්සෙ එලවනවා.. තමන්ගෙම සින්දු විකුණනවා තමන්ගේම සිංදුවලින් ඇඩ් හදනවා?
ඇඩ් එකක් ඒ කියන්නේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීම. වෙළෙඳ දැන්වීම් වලට පෙනී සිටිමින් සල්ලි ලැබෙනවා සාමාන්‍ය මුදලක් නෙමෙයි ටිකක් දැනෙන්න ලැබෙනවා. ටීවී commercial එහෙක හරි මොනව හරි හිටියොත් ඒ වගේ දේවල් වලට විශේෂ මුදලක් ලැබෙනවා. හැබැයි ඒක සාමාන්‍ය ලෝක සම්ප්රදායක්. මම ඒ දේ කරන එක වැරදි නම් මහේන්ද්‍ර සිං දෝනිත් වැරදියි. එයත් advertisement වලට පෙනී සිටිනවා. විරාත් කෝලිත් වැරදියි. ගොල්ෆ් ගහන අපේ tiger woods එයත් වැරදියි.. එයත් දැන්වීම්වලට පෙනී සිටිනවානේ..
සනත් ජයසූරියත් වැරදියි, ලෙස්ටර් ජේම්ස් පීරිසුත් වැරදි, ප්‍රේමසිරි කේමදාසත් වැරදියි. එකකට හිටියද දහයකට හිටියද නෙමෙයි හිටියනේ. එතකොට තමා මේ දේ වෙළෙඳ දැන්වීමකට මගේන් හරහා මුදලක් ලබා ගැනීම ඒක මම දකින නෑ මේ හැමෝම කරනවා නම් ඒ දේවල් වෙළඳ දැන්වීම් වලින් හැමෝම ලබාගන්නවා යම්කිසි මුදලක්.. ඉතින් මං විතරක් වැරදිකාරයෙක් වෙන්න බැහැ එහෙනම් ඒ ඔක්කොම කට්ටිය වැරදියි.
එහෙනම් මම වෙළඳ දැන්වීම් වලින් අයින් වෙන්නම්. හැබැයි මාව අසරණ කලාකරුවෙක් වෙච්ච දවසට ඕගොල්ලෝ ඇවිල්ලා මට පිහිට වෙන්න හදනවා.. ඉතින් ඊට වැඩිය නරකද කවුරුවත් පිහිට වෙන්නේ නැතුව මමම මගේ පිහිට ප්‍රාර්ථනා කරගෙන වෙළඳ දැන්වීම් කීයක් හරි හොයා ගත්ත නම් හොඳයිනේ.. කාටවත් මම අද වෙනකන් නැවිල්ලත් නැහැ. කිසිම දේශපාලනඥයෙක් පස්සේ ගිහිල්ලා නැහැ යන්නෙත් නෑ.
ලංකාවේ කලාව ප්රබුද්ධ පීචන් කියලා එක කාලයක බෙදෙනවා. එහෙම වර්ගීකරණය කරනවා. gypsies ලව දැම්මෙ පීචං සින්දු කියන පීචං බෑන්ඩ් එකක් කියලා. ඔබ ජිප්සීස් කියපු ලිඳ ලඟ සංගමය ඉඳන් මේ වෙනකන් කියපු සින්දු ගැන පසුතැවෙනවා ද?
කිසිසේත්ම පසුතැවෙන්නේ නැහැ.. මට දැනිච්ච හැටි ඒ. පංගුවක් ගීතවල බොහොම ආන්දෝලනාත්මක පහර දෙන්න පටන් ගත්ත පත්තරවලින්.. නමුත් ඉතින් ලෝකය හැටි එහෙම තමා.. තමන් ගැන ඔක්කොමල හොඳ කියනවා නම් ඒක ලොකු වරදක්. එහෙම වෙන්න බැහැ ලෝකෙ. මම කරන හැමදේම හරි කියලා හැමෝම කියනවා නම් ඒක වෙන්න බෑනේ. ඒක ස්වභාවික දෙයක් නෙමෙයි.. කෙනෙක් කැමති වෙනවද ඒකට කෙනෙක් අකමැති වෙනවා ඒකට ඒක තමයි ස්වභාවය.
ඊයේ පෙරේදා අපේ හිතමිත්‍ර වැඩිහිටි මිත්‍රයෙක් වන ඩබ්ලිව් ජයසිරි මහත්තයා කියනවා සුනිල් පෙරේරා සිරිතක් තියෙනවා අපි දන්නා තරමට අවුරුද්දකට සැරයක් තමන්ට සින්දු ලියපු තමන්ට සංගීතය නිර්මාණය කරපු ශිල්පීන්ට ඔවුන් ජීවතුන් අතර නැත්නම් ඔවුන්ගේ ගෙවල් වලට හරි චෙක් එකක් යවන සිරිතක් තියෙනවා.. මේ කළු චරිතයක් කියන සුනිල් පෙරේරාට කොහොමද මේ වගේ හැඟීමක් ආවේ?
මම විශ්වාස කරන දෙයක් තියෙනවා ශක්තියක් ලබන්න නම් ශක්තියක් දෙන්න ඕනේ.. පොත් ටික නැති කෙනෙක්ට පොත් ටික අරන් දෙන්න ඕනේ. සපත්තු දෙකක් නැත්තං සපත්තු එක අරන් දෙන්න ඕනේ. ඒ හැම දේම තමයි තව කෙනෙක්ට ශක්තිය දුන්නොත් තමාටත් තමාගේ දරුවන්ටත් තමන්ගේ පවුලටත් මා විශ්වාස කරනවා අනිවාර්ය ශක්තියක් ලැබෙයි කියලා.
මේ තමන්ගේ ගීතවල තනු හා පද නිර්මාණය කරන ශිල්පීන්ට ඒ අදාළ කොටස් ගෙවීමේ නොනැවතී gypsies නායක සුනිල් පෙරේරා ගිය අවුරුද්දේ ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආවා බදු ගෙවන්න.. ඇයි ඔබෙන් බදු එකතු කළේ නැද්ද?
කවුරුත් ආවෙ නෑ එහෙම ආදායම් බදු බොහොම සුළුවට නිකන් ගෙව ගෙව හිටියාතත මට හිතුන ඒක වැරදියි කියලා. ජිප්සීස්ලට හොඳට සල්ලි ලැබුණා. ලක්ෂ හැටක් ගෙව්වා දැන් මේ අවුරුද්දත් එකත් එක්ක කොහොමහරි ලක්ෂ 80ක් විතර ගෙවල තියෙනවා. මට හිතෙනවා රටක් ඉදිරියට යන්න නම් බදු සිස්ටම් එකක් හරියට හැදෙන්න ඕනේ. පිටරටවල ඉන්න උදවියගෙන් ලංකාවේම උදවියගෙන් ඕනේ නම් අහන්න ඒ රටවල් කාටවත් බෑ බදු නොගෙවා ෂේප් වෙන්න. එතකොට ඒ බදු ගෙවනවා කියන්නේ රටේ ප්‍රගතිය සඳහා තමා කරන ව්‍යායාමය. ඒ දේවල් ගෙවන්න ඕනේ. එතකොට ගොඩක් උදවියගේ තර්කය තමයි දේශපාලනඥයෝ හොරකම් කරනවා ඒක නිසා ගෙවන්න ඕනෙ නැහැ.. මගේ තර්කය ඒක නෙමෙයි දේශපාලඥ හොරකම් කරන නිසා ඔයත් හොරකම් කෙරුවම හරිද එතකොට? ඒක හරි වෙනවද? ඒක හරි වෙන්නෙ නෑනෙ.. එයා හොරකම් කරනවා. හැබැයි අපේ යුතුකම ඇවිල්ලා මේ රටේ අපිට මෙච්චර ආදායමක් ලැබෙනවා නම් අපි ඒ බදු රජයට දෙන්න ඕනේ..
ඒක ඊට පස්සේ හොරකම් කරයි. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි.. රටක් දුවන්න හැම ජන කොට්ඨාස එකටම හැම මිනිහෙක්ටම සමානාත්මතාව ඇති කරන්න, තරාතිරම බලන්නේ නැතුව ඕනම කෙනෙක්ට දඩුවම් කරන්න. එතකොට ඒ රටට යම්කිසි පිනක් ,වාසනාවක් ලැබෙයි. එහෙම නැතුව රටකට ලැබෙන්නේ නැහැ. අඩුම ගානේ ඇඩ්වාන්ස් ලෙවල්වත් නැත්නම් දේශපාලනයට ඇතුල් වෙන්න දෙන්න එපා.. රටක් හදන්නේ නීතිවලින් රටක් හදන්නේ ආගම් වලින් නෙමෙයි.. මේ රටේ හිතනවා ආගම්වලින් හදනවා කියල ආගම්වලින් හැදෙන්නේ නෑ රටවල්. රටවල් හදන්නේ නීති වලින්.
අන්තිම ප්රශ්නය අහන්නම් මනුස්සයෙක් හැටියට ඔබෙ අනාගත අපේක්ෂාව?
අනාගත අපේක්ෂාව මේ රටට සුභවාදී දෙයක් වෙයි කියලා.. ඒත් එක වෙන්නෙ නෑ. මේ රටට ප්‍රගතියක් ඇති වුනොත් හරි නීති සම්පාදනය කරලා හැමෝටම තරාතිරම බලන්නේ නැතුව දඩුවම් කරන්න නීති පද්ධතියක් ඇති කරලා එතකොට ජාති ජන කොට්ඨාශයකටම සිංහල, මුස්ලිම්, බර්ගර්, මැලේ ඔය හැමෝටම එක හා සමාන අයිතිවාසිකම් ලැබිලා හැමෝටම ඒ සමානාත්මතාවය ඇති වුනොත් මේ අපේ දරුවෝ මුස්ලිම් කියන්නේ අපේ දරුවෝ. දමිළ කියන්නේ අපේ දරුවෝ. මගේ සහෝදරයෝ ඔයාගේ සහෝදරයෝ.
කාලයක් තිස්සේ ලංකාවේ සමාජ දේශපාලනයත් එක්ක හැප්පිච්ච සුනිල් පෙරේරා තමන්ගෙ වේදනාව එක්තරා ආවේගත්මක විදියට පිටකරන්නේ එහෙමයි..
උත්සාහය අතරින් නෑ තාම උත්සාහ කරනවා. තාම යම්කිසි දේවල් පොඩි පොඩි දේවල් හරි වෙනස් කරගන්න පුළුවන් වුනොත් ඒක ලොකු දෙයක්. මොකද මේ එන්නේ මිනිස්සු ඒ තරම් අසරණයි. දුප්පත් මිනිස්සු අන්තිම දුප්පත්. අවුරුදු හැත්තෑවකට පස්සේ දෙයි හාමුදුරුවනේ තාමත් දුප්පත්කම් කාගෙද වරද ?පාලනය කරපු එවුන්ගෙ නේද? අවුරුදු හැත්තෑවක් පාලනය කරලා අපි ලෝකයටම ණයයි.
( gossiplankanews.com )
[වීඩියෝව - Over The Shoulder -ITN]
0 Comments